top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

රාජ්‍ය සේවකයින්ට විදෙස් රැකියා සඳහා යෑමට අවසර

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Jun 22, 2022
  • 1 min read

ree

රාජ්‍ය සේවකයින්ට වසර 05ක කාලයක් සඳහා විදේශ ගතවීමට අදාළ වන විශේෂ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා.

ජේෂ්ඨත්වයට සහ විශ්‍රාම වැටුපට හානියක් නොවන පරිදි රාජ්‍ය නිලධාරීන්ට වසර 05ක උපරිමයකට යටත්ව දේශීය සහ විදේශීය වැටුපට අදාළ කර ගත හැකි ආකාරයට වැටුප්‍ රහිත විදේශ නිවාඩු ලබා ගත හැකිවේ.

වයස අවුරුදු 35ට අඩු රාජ්‍ය නිලධාරීන්ට තොරතුරු තාක්ෂණ දැනුම, ඉංග්‍රීසි හෝ වෙනත් භාෂාවක / භාෂා දැනුම වර්ධනය කර ගැනීමට හෝ පිළිගත් ආයතනයක වෘත්තීය පුහුණුවක් සම්පුර්ණ කිරීම සඳහා හෝ වසරක කාලයක උපරිමයට යටත්ව දේශීය හෝ විදේශීය වැටුප් රහිත නිවාඩු ලබා ගත හැකිය.

එම චක්‍රලේඛය අනුව විදේශ ගතවන රාජ්‍ය සේවකයින් ඔවුන්ගේ නමට විවෘත කරන ලද අනේවාසික ගිණුමක් හරහා සෑම මාසයකම නිශ්චිත විදෙස් මුදල් ප්‍රමාණයක් එවීම සිදුකළ යුතුවේ.

එහිදී ප්‍රාථමික සේවා ගණනයේ නිලධරයන් මාසිකව අමෙරිකානු ඩොලර් 100ක්, ද්විතීයක ගණයේ නිලධරයන් මාසිකව ඩොලර් 200ක්, තෘතීයක සේවා ගණයේ නිලධරයන් මාසිකව අමෙරිකානු ඩොලර් 300ක් සහ විධායක සේවා ගණයේ නිලධරයන් මාසිකව ඩොලර් 500ක මුදලක් මාස් පතා මෙරට පිහිටි සිය අනේවාසික ගිණුම් වෙත එවීම සිදුකළ යුතු බව එම චක්‍රලේඛයේ සඳහන් වේ.

අදාළ චක්‍රලේඛය පහතින් :


ree

ree


ree

ree


Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page