රාජ්‍ය කළමනාකරණ සේවා (විවෘත) තරඟ විභාගය ජුලි මස - විභාග කොමසාරිස් ජනරාල්...
- helloplanetaviss
- Jan 21, 2022
- 1 min read

රාජ්‍ය කළමනාකරණ සේවා (විවෘත) තරඟ විභාගය ජුලි මස පැවැත්වීමට සැළසුම් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී.ධර්මසේන මහතා පවසයි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (20) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස ඒ මහතා මේ බව පැවසීය. (විවෘත) තරඟ විභාගය පැවැත්වෙන දිනය ඉදිරියේ දී ප්‍රකශ කරන බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසීය. තවද, රාජ්‍ය කළමනාකරණ සේවා සීමිත තරඟ විභාගයේ ප්‍රතිඵල නොබෝ දිනකින් ලබා දිය හැකි බවද ඒ මහතා පවසයි. පාසල් විභාග තුනක් කෙටි කාලයක් ඇතුළත පැවැත්වීමට සිදු වීමත්, විභාග කිහිපයක් සූදානම් කිරීමට සිදුවීම විභාගය කල් යාමට හේතුව බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා පෙන්වා දුන්නේ ය
Comments