රැජිණට උපහාර ලෙස මක්කම වැදීමට ගිය පුද්ගලයෙක් සෞදියේදී අත්අඩංගුවට
- helloplanetaviss
- Sep 14, 2022
- 1 min read

අභාවප්‍රාප්ත දෙවන එලිසබෙත් රැජිනට උපහාර ලෙස මක්කම වැදීමට ගිය පුද්ගලයෙකු සෞදි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මක්කම වෙත පැමිණෙන පුද්ගලයින්ට මියගිය මුස්ලිම් නොවන තැනැත්තන් වෙනුවෙන් වන්දනාමාන කිරීම නීතියෙන් තහනම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඒ අනුවයි අදාළ පුද්ගලයා සෞදි පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත්තේ. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ යේමන වැසියෙක්.
ඉස්ලාම් ආගමේ වැකි ඇතුලත් කර රැජිනගේ අභාවය වෙනුවෙන් සැකසූ දැන්වීමක් රැගෙන අදාල පුද්ගලයා මක්කම වෙත ගොස් තිබෙනවා.
ඔහුගේ ජායාරූප සමාජ මාධ්‍ය හරහා වේගයෙන් සංසරණය වීමත් සමගයි සෞදි පොලීසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ. අදාල පුද්ගලයාට එරෙහිව නීතිය කෙලෙස ක්‍රියාත්මක කරයිද යන්න මෙතෙක් වාර්තා වී නැහැ.
Comments