රැජිණගේ දේහය මිහිදන් කෙරේ
- helloplanetaviss
- Sep 20, 2022
- 1 min read

අභාවප්‍රාප්ත වූ දෙවන එලිසබෙත් රැජිණගේ දේහය මිහිදන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඒ, වින්ඩ්සර් මාලිග පරිශ්‍රයේ පිහිටි සාන්ත ජෝර්ජ් දෙව්මැදුර තුළ ඇති රාජකීය සොහොන් ගැබ තුළයි.
03 වන චාල්ස් රජු ඇතුළු රජ පවුලේ කිහිපදෙනෙකු පමණක් එම අවස්ථාවට සහභාගී වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. දෙවන එලිසබෙත් රැජිනගේ දේහය සමගින් පිලිප් කුමරුගේ දේහය ද එම අවස්ථාවේදී මිහිදන් කර තිබෙනවා.
දෙවන එලිසබෙත් රැජිනගේ අවමංගල්‍ය උත්සවයේ අවසන් දේහමෙහෙය එරට වේලාවෙන් ඊයේ පස්වරු 04 ට පමණ සිදු කෙරුණා. අනතුරුව දේහය තැන්පත් කර තිබූ දෙන මත තැන්පත් කර තිබූ රැජිණගේ ඔටුන්න හා යෂ්ටින ඇතුළු රාජකීය භාණ්ඩ ඉවත් කර ඒවා සාන්ත ජෝර්ජ් දේවස්ථානයේ විශේෂ ස්ථානයක තැන්පත් කිරීම සිදු වුණා.
අනතුරුව දේහය විශේෂ ස්ථානයක තැන්පත් කර පසුව එරට වේලාවෙන් රාත්‍රී 07 යි 30 ට පමණ මිහිදන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
Comments