top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

රෝගීන් අඩුයි- තත්ත්වය සමනය වෙනවා- මහාචාර්ය ඉන්දික කරුණාතිලක....

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Sep 21, 2021
  • 2 min read

ree

රෝගීන් අඩුයි.. තත්ත්වය සමනය වෙනවා- රෝගී උපකාරක සේවාවන් සදහා ලැබෙන ඇමතුම් අඩුවෙලා- ඇමතුම් ස්වභාවයත් වෙනස් වෙලා - මහාචාර්ය ඉන්දික කරුණාතිලක

රෝගීන් සංඛ්‍යාව ටිකෙන් ටික අඩුවෙමින් තත්ත්වය සමනය වෙමින් පවතින පසුබිමක රෝගී උපකාරක සේවාවන් සදහා ලැබෙන දුරකතන ඇමතුම් ප්‍රමාණයද අඩුවී ඇති බවද, ඇමතුම් වල ස්වභාවය වෙනස් වී ඇතැයිද කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතා සදහන් කළේය. ඔහු මේ බව සදහන් කළේ අද (21) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී එන්නත්කරණයේ වත්මන් තත්ත්වය පිළිබදව දැනුවත් කිරීම සදහා පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි. මෙම සේවා පද්ධතිය ඇරඹි දවසේ ඇමතුම් 9000කට ආසන්න ප්‍රමාණයක් ලද බවද, එමෙන්ම මුලදී ලැබුණු ඇමතුම් සියල්ලක්ම පාහේ හදිසි ඇමතුම් වන අතර මේ වන විට ලැබෙනුයේ පශ්චාත් කොවිඩ් තත්ත්වයන් පිළිබදව හෝ එන්නත්කරණය පිළිබදව ලැබෙන ඇමතුම් බවද, එලෙස ලැබෙන ඇමතුම් වලින් තත්ත්වය යම් ආකාරයකට සමනය වීමක් සිදුවී ඇති බව කිව හැකි යැයිද ඔහු සදහන් කළේය. කොවිඩ් රෝගීන්ට උපකාර ලබාදීම සදහා සේවාවන් ගණනාවක් එක්තැන් කරමින් 247,1904 සහ 1990 යන දුරකතන අංක එකට සම්බන්ධ කර ඇතිකරගත් ක්‍රියා පටිපාටිය යටතේ මීට මාසයකට පෙර රටෙහි පැවති තත්ත්වය ඉතාම වෙනස් බව කිව හැකි යැයි සදහන් කරමින් මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතා වැඩිදුරටත් සදහන් කළේ එම අවස්ථාවේ රෝගීන් වැඩි වහයෙන් වාර්තා වීම හේතුවෙන් මරණ වැඩිවීම්, ඇදන් ප්‍රමාණයෙහි ගැටලු මතුවීම් සහ ඔක්සිජන් අවශ්‍ය රෝගීන් වැඩිවීම හේතුකොටගෙන සෞඛ්‍ය පද්ධතියේ ධාරිතාවය ඉක්මවා යෑමේ තර්ජනයකට මුහුණපෑ බවයි. එම අවස්ථාවේදී සාකච්ඡා වට කිහිපයක් පවත්වා අධි අවධානම් සහිත රෝගීන් ඉතා ඉක්මණින් හදුනාගෙන ජීවිත ගලවාගැනීමට ඉතා වැදගත් වන පියවරක් ලෙස ඔවුන්ව ප්‍රතිකාර වලට යොමු කිරීමට කටයුතු කළ බවද, දෙවනුව රෝහල්ගත වීමට නොහැකිව නිවෙස් තුළ සිටින රෝගීන්ට කුමක් කළ යුතුද සොයා බලමින් කුමන අවස්ථාවේ අවධානම හදුනාගත යුතුද යන්න දැනුවත් කර උපදෙස් ලබාදුන් බවද ඔහු පැවසුවේය. මෙම සියල්ල එකතු කරමින් මනා සම්බන්ධීකරණ සේවාව අගෝස්තු 17 වනදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් යුතු චක්‍රලේඛයක් නිකුත් කරමින් ඇරඹූ බවද, එමගින් ක්‍රියා පටිපාටිය පැහැදිලි කළ බවද ඔහු කියා සිටියේය. 247 මීට පෙර ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය මගින් ඇරඹූ රෝගී උපකාර සේවයක් බවද, මෙමගින් ඖනෑම රෝගියෙකුට දවසේ ඖනෑම අවස්ථාවක, ඕනෑම ප්‍රධාන ජංගම දුරකතන ජාලයකින් 247 අමතා වෛද්‍යවරයෙකු සමග කෙටි කලකින් සම්බන්ධ වී අවශ්‍ය උපදෙස් ලබාගත හැකි බවද, අසාද්‍ය රෝගියෙකු නම් ඒ ඔස්සේ ඉක්මණින් 1990 සුවසැරිය ගිලන් රථ සේවයට සම්බන්ධවෙමින් රෝහල්ගත කිරීමට කටයුතු කෙරෙන බවද ඔහු සදහන් කළේය. 1904 කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය මූලිකත්වයෙන් ඇරඹි බවද, කෙටි පණිවිඩ සේවාවක් වන මෙමගින් රෝගියාට තමන්ගේ තත්ත්වය තමන් විසින්ම නිශ්චය කරගනිමින් ඒ බී සී වශයෙන් කාණ්ඩ කර ඇති තමා අයත් යැයි සිතන කාණ්ඩය හදුනාගනිමින් කෙටිපණිවිඩය යොමුකළ හැකි බවද, මෙමගින් ඉක්මණින් රෝහල්ගත කළ යුතු ඒ කාණ්ඩයට වැටෙන රෝගීන් සදහා පැය භාගයක් තුළ වෛද්‍යවරයෙකු ප්‍රතිචාර දක්වමින් අදාල කටයුතු සම්පාදනය කරන බවද මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතා කියා සිටියේය. 1990 සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය මගින් ඇරඹි සුවසැරිය ගිලන් රථ සේවය මගින් දවසේ ඕනෑම වෙලාවක රෝහල්ගත කිරීමට අවශ්‍ය රෝගීන් සදහා ගිලන්රථ ගෙන්වාගැනීමේ පහසුකම සැලසෙන බවද ඔහු පැවසුවේය.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page