top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

රු.75ක ස්ථාවර මිලකට පොල් ලංකා සතොස මඟින් පාරිභෝගිකයාට - ගිවිසුමට අත්සන් තබයි....

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Feb 1, 2022
  • 2 min read

ree

මෙම වසර පුරා රු.75ක ස්ථාවර මිලකට ලංකා සතොස අළෙවිසැල් ජාලය හරහා පාරිභෝගිකයාට පොල් ලබාගත හැකි බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, ඊයේ (31) පැවති මාධ්‍ය හමුවක් සඳහා එක් වෙමිනි. මෙරට පොල් මිල ඉහළ යාමත් සමඟ පාරිභෝගිකයා වෙත අවම මිලකට පොල් ලබා දීමේ අරමුණින් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සහ පොල් පර්යේෂණ ආයතනය විසින්, වෙළෙඳ අමාත්‍යාංශය සහ ලංකා සතොස අළෙවිසැල් ජාලය සමඟ ගිවිසුමක් ඇති කරගන්නා ලදී. ඒ අනුව, නියමු ව්‍යාපෘතියක් වශයෙන් කොළඹ දිස්ත්‍රික්කය තුළ මෙම ව්‍යාපෘතිය දියත් කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය. මෙහිදී පොල් ගෙඩියක් රු.75/=කට අළෙවි කරනු ලබන බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා, වෙළෙඳපොල පොල් මිල පහළ යාමට සාපේක්ෂ්ව ඉදිරියේ දී ලංකා සතොස හරහා අළෙවි කරනු ලබන පොල් වල මිලගණන් ද අඩු වනු ඇති නමුත් වෙළෙඳපොලේ පොල් මිල ඉහළ ගියද, රු. 75/=ක ස්ථාවර මිලකට පොල් අළෙවි කිරීමට ලංකා සතොස කටයුතු කරනු ලබන බව ද සඳහන් කරන ලදී. මෙම අවස්ථාවේ දී අදහස් දැක්වූ වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කළේ පොල් හා පොල් ආශ්‍රිත නිෂ්පාදනයන් වලට පවත්නා ඉල්ලුමට සාපේක්ෂ්ව මේ වන විටත් නිෂ්පාදනය වැඩි කිරීමට අවශ්‍ය කටයුතු සලසා ඇති බවයි. එමෙන්ම මේ වන විට සිදු කර ඇති පුරෝකථනයන් අනුව, පොල් ආශ්‍රිත නිෂ්පාදනයන් හරහා ඩොලර් බිලියනයකට අධික ආදායමක් ලබා ගැනීමටත් දේශීය ඉල්ලුම සම්පූර්ණයෙන්ම සැපයීමට අවශ්‍ය නිෂ්පාදනයන් වෙළෙඳපොලට නිකුත් කිරීමට සැලසුම් කොට ඇති බවත්, එහි එක් පියවරක් වශයෙන් ලංකා සතොස හරහා මෙම පොල් අළෙවි කිරීමට කටයුතු සලසන ලද බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන ලදී. මෙහිදී ලංකා සතොස ආයතනය වෙනුවෙන් එහි සභාපති රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා ද, පොල් පර්යේෂණ ආයතනය වෙනුවෙන් එහි සභාපති සාරංග අලහප්පෙරුම මහතා ද මෙම ගිවිසුමට අත්සන් තබන ලදී. මෙම අවස්ථාව සඳහා වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා, වෙළෙඳ අමාත්‍යාංශ ලේකම් භද්‍රාණි ජයවර්ධන මහත්මිය, ලංකා සතොස සභාපති රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා, ප්‍රධාන විධායක නිලධාරී රංජිත් ජී.රූබසිංහ මහතා, පොල් පර්යේෂණ ආයතනයේ සභාපති සාරංග අලහප්පෙරුම මහතා ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.



Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page