යාපනය බස් නැවතුම්පොලේ කිරිදෙන මව්වරුන් සදහා විවේකාගාරයක්
- helloplanetaviss
- Jun 27, 2023
- 1 min read

යාපනය බස් නැවතුම්පොලේ කිරිදෙන මව්වරුන් සදහා විවේකාගාරයක් පසුගි 21 වන දින ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා අතින් විවෘත විය.
මගීන් විශාල ප්‍රමාණයක් දිනපතා පරිහරණය කරන යාපනය බස් නැවතුම් පොළෙහි මගී පහසුකම් වර්ධනය කිරීම සදහා අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා සැලැස්මක් සකස් කොටඇත. එය මේ වන විට ක්‍රියාවට නැංවීම ආරම්භ කර ඇති අතර , එහි මුල් පියවරක් වශයෙන් මෙම බස් නැවතුම්පළට පැමිණෙන කිරි මව්වරුන් සදහා සිය දරුවන්ට කිරි දීමට නව විවේකාගාරය විවෘත කර ඇත.
මෙහිදී අදහස් දැක්වු ඩග්ලස් දේවානන්දා අමාත්‍යවරයා මෙම බස් නැවතුම් පොළ දිනකට මගීන් විශාල ප්‍රමාණයක් භාවිතා කරන බවත්, මෙහි තිබෙන පහසුකම් ප්‍රමාණය ඉතා අල්ප බැවින් එම පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා තමන් විසින් සකස් කළ සැලැස්මක් අදාළ බලධාරීන්ට බාර දී ඇති බවත්, ඒ අනුව කිරිදෙන මවුවරුන් සඳහා විවේකාගාරයක් ඉදිකිරීමට තමා ප්‍රථමයෙන් කටයුතු කළ බවද පැවසුවේය.
විශාල වියළි කාලගුණයක් පවතින යාපනය වැනි ස්ථානයක මවුවරුන් සහ කුඩා දරුවන් මහත් පීඩාවට පත්වන බැවින් පහසුකම් සැලැස්වීමේ ප්‍රධාන අංශයක් ලෙස කිරි දෙන මව්වරුන්ගේ විවේකාගාරයක් ඉදි කිරීම සිදු කළ බවද, ඒ පිළිබඳව නිලධාරීන්ට ස්තුතිය පළකළ අමාත්‍යවරයා ඒ අනුව තමන් සැලසුම් කළ සැළැස්මේ ඉතිරි වැඩ කොටස් ද ඉතා ඉක්මණින් අවසන් කරන බවද පැවසුවේය.
මෙම අවස්ථාවට උතුරු පළාත් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය කළමනාකාර තුමා ඇතුළු පිරිසක් සහභාගි විය.
Comments