මසක් තුළ නිකුත් කළ වැඩිම විදෙස් ගමන් බලපත්‍ර ප්‍රමාණය ජූනි මාසයේ
- helloplanetaviss
- Jul 5, 2022
- 1 min read

ආගමන විගමන දෙපාර්තමේන්තු ඉතිහාසයේ මාසයක කාලයක් තුළ නිකුත් කළ වැඩිම විදෙස් ගමන් බලපත්‍ර ප්‍රමාණය ඉකුත් ජූනි මාසයේ නිකුත් කර තිබෙනවා. එම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක පියුමි බණ්ඩාර පැවසුවේ ඉකුත් ජුනි මාසයේදී නිකුත් කර ඇති ගමන් බලපත්‍ර ප්‍රමාණය ලක්ෂයේ ඉක්මවා ගොස් ඇති බවයි.
මේ අතර ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන් එක්දින සේවාව යටතේ ගමන් බලපත්‍ර ලබාගැනීමට අයැදුම්පත් භාරදීම සඳහා ඉදිරි දින 60 ක කාලසීමාව තුළ දින හා වේලාවන් වෙන්කර ගෙන අවසන් බවයි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.
එබැවින් කඩිනමින් රැකියාවක් සඳහා විදේශගත වීමට අපේක්ෂා කරන අයැදුම්කරුවෙකු වේ නම් එය තහවුරු කිරීම සඳහා වන ලියකියවිලි 070 63 11 711 යන අංකයට වට්ස්ඇප් මගින් යොමු කිරීමෙන් එක්දින සේවාව හරහා විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීමට දිනයක් සහ වේලාවක් වෙන් කර ගත හැකි බව ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.
Comments