top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

මධ්‍යම පළාත් මගී ප්‍රවාහන සේවා අධිකාරියට නව සභාපතිවරයෙක්.

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Jan 12, 2022
  • 1 min read

ree

මධ්‍යම පළාත් මගී ප්‍රවාහන සේවා අධිකාරියට නව සභාපතිවරයා වශයෙන් මධ්‍යම පළත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් වන ඩී.එම්.පී.කේ. දිසානායක මහතා පත් කර ඇත.

නව තනතුර සදහා වන පත්වීම් ලිපි ප්‍රදානය කිරීම මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් (11) සිදු වු අතර, එම අවස්ථාව සදහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රෝහණ දිසානයක, ගුණතිලක රාජපක්ෂ යන මහත්වරුන් ද පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න, ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න, මාතලේ ප්‍රාදේශීය සභාවේ සභාපති කපිල හේන්දෙනිය, මධ්‍යම පළාත් සභාවේ හිටපු නියෝජ්‍ය සභාපති ආණ්ඩුකාර මහජන සම්බන්ධීකරණ නිළධාරී එස්.බී.රත්නායක, හිටපු පළාත් සභා මන්ත්‍රී කමල් බෙලි‍ගොල්ල යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද එක් ව සිටියේය. මෙහිදී අදහස් දක්වමින් පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේ, මධ්‍යම පළාත් මගී ප්‍රවාහන සේවා අධිකාරියේ නව සභාපතිවරයා සිය ධූරයේ කටයුතු කාර්යක්ෂම අයුරින් ඉටු කරනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවත්, බලපත්‍ර නිකුත් කිරීම් වැනි කටයුතු වලදී විධිමත් ක්‍රමවේදයන් අනුගමනය කිරීම වැදගත් වන බවත්ය. මහනුවර බහුවිධි ප්‍රවාහන පර්යන්ත ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මෙහිදී අදහස් දක්වමින් පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේ, මහනුවර නගරයේ වාහන තදබදයටත් ප්‍රවාහන පද්ධතියේ කාර්යක්ෂමතාවයටත් වැදගත් වන එවනි ව්‍යාපෘතින් කාලීනව ඉතා වැදගත් බවත් එවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සදහා නව සභාපතිවරයාට හැකියාව ලැබේවායැයි තමා විශ්වාස කරන බවත් එම මහතා මෙහදි වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page