top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර රුපියල් ලක්ෂ සියයක ආදායමක් උපයයි...

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Jan 21, 2022
  • 1 min read

ree

මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර ( ඇතුගල්පුර පිවිසුම ) ජනතා අයිතියට පත් කිරීමෙන් අනතුරුව පළමු දින 03 ඇතුළත ( මීරිගම සිට කුරුණෑගල දක්වා මාර්ග කොටස ) වාහන පනස් දහසක් ( 50,000 ) ධාවනය කිරීමෙන් රුපියල් ලක්ෂ සියයක( ලක්ෂ 100 ) ආදායමක් උපයා ඇති බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.

පසුගිය 15-01-2022 වන සෙනසුරාදා දින මෙම මීරිගම සිට කුරුණෑගල දක්වා මාර්ග කොටස ජනතා අයිතියට පත් කිරීමෙන් අනතුරුව පලමු පැය 12 ඇතුළත ජනතාවට නොමිලේ ගමන් කිරීමට අවස්ථාව ලබා දී තිබුණි. 16-01-2022 වන ඉරිදා දින දහවල් 12.00 පසුව අධිවේගී මාර්ගයේ ධාවනය වෙනුවෙන් මුදල් අය කිරීම ආරම්භ කෙරිණි. 16-01-2022 වන ඉරිදා දින මධ්‍යම රාත්‍රියේ සිට 17-01-2022 වන සඳුදා දින මධ්‍යම රාත්‍රිය දක්වා වාහන 23,039 ක් මෙම මාර්ගයේ ධාවනය වූ අතර එය මෙම දින තුන (03) ඇතුළත ධාවනය වූ වැඩිම වාහන සංඛ්‍යාව වේ. එදින රු 4,865,500.00 ක ආදායමක් උපයා ගැනීමට හැකි වූ බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවසීය. මීරිගම , නාකලගමුව , දම්බොක්ක , කුරුණෑගල සහ යග්ගපිටිය යන ස්ථාන වල මීරිගම සිට කුරුණෑගල දක්වා අධිවේගී මාර්ග කොටසේ අන්තර්හුවමාරු මධ්‍යස්ථාන පිහිටා ඇත.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page