top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

මදුරන්කුලිය - මහකුඹුක්කඩවල හරහා ආඩිගම දක්වා වූ මාර්ගයේ පළමු අදියරේ ඉදිකිරීම් අවසන්...

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Sep 27, 2021
  • 1 min read

ree

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පුත්තලම දිස්ත්‍රික්කයේ සිදු කළ සංචාරයකදී පුත්තලම ජනතාව විසින් කරන ලද ඉල්ලීමකට අනුව කොළඹ - පුත්තලම ප්‍රධාන මාර්ගයේ මදුරන්කුලිය, මහකුඹුක්කඩවල හරහා ආඩිගම දක්ව වූ මාර්ගයේ කිලෝ මීටර් 9.7 ක දුරක් පළමු අදියර යටතේ සංවර්ධන කටයුතු අවසන් කර ඇති බවත්, තවත් කිලෝ මීටර් 11.5 ක දුරක් දෙවන අදියර යටතේ සංවර්ධන කටයුතු කඩිනමින් අවසන් කිරීමට පියවර ගෙන ඇති බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා සඳහන් කරයි.

පළමු අදියරේ ඉදිකිරීම් අවසන් කිරීමට රුපියල් මිලියන 222 ක මුදලක් වැය වී තිබේ. දෙවන අදියරේ ඉදිකිරීම් සදහා රුපියල් මිලියන 250 ක මුදලක් වෙන් කර තිබේ. මෙහි දෙවන අදියරේ ඉදිකිරීම් ඉදිරි මාස කිහිපය තුළ අවසන් කිරීමට හැකිවනු ඇතැයි ඉංජිනේරුවරුන් විශ්වාසය පළ කරයි. මෙම මාර්ගය ජාතික මහාමාර්ග පද්ධතියේ ඒ හා බී ශ්‍රේණියේ මාර්ග දෙකක් සම්බන්ධ කෙරෙනු ඇත. ඒ අනුව කොළඹ - පුත්තලම මාර්ගය හා හලාවත - ආණමඩුව මාර්ගය මේ හා සම්බන්ධ වනු ඇත. කෘෂි භෝග ආර්ථික මධ්‍යස්ථාන වෙත රැගෙන යාමට, ජනතාවගේ දෛනික කටයුතු පහසු කරලීමට, පුත්තලම, හලාවත හා ආණමඩුව යන ප්‍රධාන නගර වෙත පහසුවෙන් ලගා වීමට මෙම මාර්ගය සංවර්ධනය කිරීම වඩාත් ඉවහල් වනු ඇත. වර්ෂාව හේතුවෙන් මාර්ගයේ ඇතැම් කොටස් ජලයෙන් යටවීම නිසා අබලන් වීම හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවයට පත් වී සිටියහ. ජනාධිපතිතුමාගෙන් ජනතාව කරන ලද ඉල්ලීමක් ඉටු කරමින් මෙම මාර්ගය ඉතාමත් ක්‍රමවත් හා විධිමත් අයුරින් සංවර්ධනය කිරීමට පියවර ගෙන තිබේ.



Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page