top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

මඩකළපුව ජාත්‍යන්තර ගුවන් තොටුපළ නැගෙනහිර පළාතේ අංග සම්පූර්ණ ගුවන් තොටුපළක් ලෙස සංවර්ධනයට...

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Jan 12, 2022
  • 1 min read

ree

මඩකළපුව ජාත්‍යන්තර ගුවන් තොටුපළ නැගෙනහිර පළාතේ අංග සම්පුර්ණ දේශිය ගුවන් තොටුපළක් ලෙස සංවර්ධනය කෙරේ. දේශිය හා විදේශිය සංචාරකයන්ට සේවා සැපයිම එහි අරමුණ බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

මේ සදහා ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය හා ගුවන් හමුදාව අතර ත්‍රෛපාර්ශවික ගිවිසුමකට එළඹීමට ද අපේක්ෂා කෙරේ. සිවිල් ගුවන් සේවා අධිකාරිය මෙම ගිවිසුම සැකසීම මේ දිනවල සිදු කරනු ලබයි. සිවිල් හා හමුදා මෙහෙයුම් අතර පැහැදිලි වෙන්විමක් ඇති කිරිමට මෙමගින් අපේක්ෂිතයි. ගුවන් ධාවන පථයේ උතුරු ප්‍ර දේශය ආශ්‍රිතව ගුවන්ගමන් පාලන කුළුණු, ගිනි හා මුදවා ගැනීමේ පහසුකම් ඉදි කිරිමට ද අපේක්ෂිතයි. ගුවන් තොටුපළ පරිශ්‍රය තුළ වාණිජ ආයෝජන අවස්ථා හදුනා ගැනිම සදහා ද විශේෂ වැඩපීළිවෙලක් ක්‍රියාත්මක කෙරෙන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා කියයි. ගුවන් සංතරණ ගණයට වැටෙන හා නොවැටෙන ආයෝජන අවස්ථා පිළිබද ව මෙහි දි අවධානය යොමු කර ඇතැයි ද ඇමතිවරයා සදහන් කරයි. මඩකලපුව ප්‍ර දේශයේ සංචාරක හෝටල්, සංචාරක ක්ෂේත්‍ර යේ ක්‍රියාකාරින් සමග මඩකලපුව ගුවන් තොටුපළ ප්‍රවර්ධනය කිරිමේ විශේෂ ව්‍යාපෘතියක් ද දැනටමත් ආරම්භ කර තිබේ. මේ අතර කොවිඩ් වසංගතය හේතුවෙන් නතරවුණු යාපනය - කොළඹ සංවිධිත ගුවන් ගමන් කඩිනමින් යළි ආරම්භ කිරිමට ද කටයුතු යොදා තිබේ. ඒ අනුව ඊට අදාළ සමාගම් සමග සාකච්ඡා කරමින් සිටින බවත් මේ වසරේ මුල් කාර්තුව තුළ එම ගුවන් ගමන් යළි ආරම්භ කිරිමට හැකිවනු ඇතැයි ද ඇමතිවරයා විශ්වාසය පළ කරයි.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page