මිහින්තලය පුදබිමේ ආරක්ෂාවට කිසිදු බාධාවක් නෑ- ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය
- helloplanetaviss
- Dec 11, 2023
- 1 min read

මිහින්තලය පුදබිමේ ආරක්ෂාවට කිසිදු බාධාවක් සිදු වී නොමැති බවත් පුදබිමේ ආරක්ෂාවට පොලිස් නිලධාරින් සේවයේ නිරත වන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අද (11) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
පුදබිමේ සිටි යුද, නාවික සහ සිවිල් ආරක්ෂක සෙබළුන් 252 සිටියේ පුදබිමේ ආරක්ෂක කටයුතු සඳහා නොවන බවද හෙතෙම පැවසීය.
මිහින්තලය පුදබිමේ සිටි හමුදා සෙබළුන් ඊයේ සිට එම පුදබිමෙන් ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකටපිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය'.
වැඩිදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, එම සෙබළුන් ඉවත් කිරීම නිසා පුදබිමේ ආරක්ෂාවට කිසිදු බාධාවක් සිදු නොවන බවයි.
පුදබිමේ ආරක්ෂාව සැපයූවේ පොලීසියෙන්. අදටත් පොලීස් නිලධාරින් 30ක් පුදබිමේ ආරක්ෂාවට ඉන්නවා''යැයි ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය
Comments