top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

මුහුදේ දී ආපදාවට පත් මෙරට ධීවර යාත්‍රාවක සිටි ධීවරයන් මුදා ගැනීම සඳහා නාවික හමුදා සහය...

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Jan 9, 2022
  • 2 min read

ree

ශ්‍රී ලංකාවට නිරිත දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ දී අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් ආපදාවට පත් ‘අසේල පුතා II’ නැමති බහු දින ධීවර යාත්‍රාවෙන් මුදාගත් ධීවරයින් පස් දෙනෙකු (05) නාවික හමුදාවේ සම්බන්ධීකරණයෙන් MV LGC Periklis (IMO 9796171) නම් විදේශිය නෞකාව මඟින් ගාල්ල වරාය වෙත රැගෙන විත් ප්‍රතිකාර කටයුතු සඳහා ගාල්ල කරාපිටිය රෝහල වෙත යොමු කිරීමට (2022 ජනවාරි 08) සන්ධ්‍යාවේ නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

බේරුවල ධීවර වරායෙන් 2021 නොවැම්බර් මස 04 වන දින ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් ඇති ධීවරයින් හය දෙනෙකු (06) රැගත් ‘අසේල පුතා II’ නැමති බහු දින ධීවර යාත්‍රාව (ලියාපදිංචි අංක IMUL-A-0635 KLT) සම්බන්ධයෙන් 2022 ජනවාරි 01 දිනෙන් පසුව කිසිදු තොරතුරක් නොමැති බැවින්, මෙම යාත්‍රාව යම් අනතුරකට මුහුණ පා ඇද්දැයි සොයා බලන ලෙස බේරුවල පොලිසිය සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව වෙතින් 2022 ජනවාරි 04 සහ 05 යන දිනයන්හීදී නාවික හමුදා මුලස්ථානයේ පිහිටි සාගරික සේවීම් සහ මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත (MRCC) ආපදා සහන ඉල්ලීමක් යොමු කර ඇත. මේ සම්බන්ධයෙන් වහාම ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාව, ‘අසේල පුතා II’ නැමති බහු දින ධීවර යාත්‍රාව සම්බන්ධයෙන් සොයා බලන ලෙස ශ්‍රී ලංකාවට අයත් සාගරික සේවීම් සහ මුදවා ගැනීම් කළාපයට යාබද ඉන්දීය සහ මාලදිවයින් සාගරික සේවීම් සහ මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථාන දැනුවත් කිරීමට කටයුතු කෙරිණි. ඒ අනුව, ශ්‍රී ලංකාවට නිරිත දෙසින් වූ මාලදිවයිනට අයත් මුහුදු තීරය ඔස්සේ ඉන්දියාවේ පොර්ට් බ්ලෙයාර් (Port Blair) වරාය වෙත යාත්‍රා කරමින් තිබූ MV LGC Periklis (IMO 9796171) නෞකාවේ කපිතාන් නාවික හමුදා මුලස්ථානයේ පිහිටි සාගරික සේවීම් සහ මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත 2022 ජනවාරි 07 උදෑසන පණිවිඩයක් ලබා දෙමින්, ගාල්ල සිට නාවික සැතපුම් 332 ක් (කිලෝ මීටර් 614ක් පමණ) නිරිත දෙසින් වූ මාලදිවයිනට අයත් මුහුදු තීරයේ දී අයහපත් කාළගුනික තත්වය හේතුවෙන් පෙරලීමෙන් ආපදාවට පත් ‘අසේල පුතා II’ නැමති බහු දින ධීවර යාත්‍රාවේ සිටි ශ්‍රී ලාංකික ධීවර‍යින් පස් දෙනෙකු (05) එම නෞකාව වෙතින් මුදා ගත් බව දැනුම්දෙන ලදී. තවද, අනතුර හේතුවෙන් එක් ධීවරයෙකු අතුරුදහන් වි ඇති බවත්, මේ වන විට නෞකාව මඟින් මුදාගත් ධීවරයින් පස්දෙනා (05) ගාල්ල වරාය වෙත රැගෙන එන බවත් දැනුම් දෙන ලදී. ඒ අනුව, MV LGC Periklis (IMO 9796171) මඟින් බේරාගත් ධීවරයින් අද ( 2022 ජනවාරි 08) සන්ධ්‍යාවේ ගාල්ල වරාය ආසන්නයට රැගෙන ඒමෙන් අනතුරුව, දකුණු නාවික විධානයට අයත් පි 107 වෙරළබඩ මුර යාත්‍රාව මඟින් පවත්නා සෞඛ්‍ය මාර්ගොපදේශයන්ට අනුකූලව ඔවුන් කඩිනමින් ගොඩබිමට රැගෙන විත් ඉදිරි ප්‍රතිකාර කටයුතු සඳහා ගාල්ල කරාපිටිය රෝහල වෙත යොමු කිරිමට කටයුතු කෙරිණි. තවද, ‘අසේල පුතා II’ නැමති බහු දින ධීවර යාත්‍රාව ආපදාවට පත්වීම හේතුවෙන් අතුරුදහන් වූ ධීවරයා සේවීම සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදු කරන මෙන් නාවික හමුදා මුලස්ථානයේ පිහිටි සාගරික සේවීම් සහ මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය මඟින් මාලදිවයින් සාගරික සේවිම් සහ මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත ඉල්ලීමක් සිදු කරන ලද අතර, බේරා ගත් ධීවරයින්ගෙන් ලද තොරතුරු මත MV LGC Periklis නෞකාවේ කපිතාන් විසින් ද මේ සම්බන්ධයෙන් මාලදිවයින් සාගරික සේවිම් සහ මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය දැනුවත් කර ඇත. මුහුදේදී ආපදාවට පත්වන නාවික හා ධීවර ප්‍රජාව වෙත කඩිනමින් අවශ්‍ය සහන සැලසීම සඳහා නාවික හමුදා මුලස්ථානයේ පිහිටි සාගරික සේවීම් සහ මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය මඟින් ඉදිරියටත් මෙවැනි මුදවා ගැනීමේ මෙහෙයුම් සම්බන්ධිකරණ කටයුතු සිදු කිරිම සඳහා නිරන්තර සුදානමින් සිටියි.



Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page