top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

මැලේරියා රෝගයේ අවදානම ගැන කියැවෙන දින දර්ශනයක්....

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Jan 8, 2022
  • 1 min read

ree

මැලේරියා රෝගයේ අවදානම ගැන කියැවෙන දින දර්ශනයක් නිකුත් කරයි

මැලේරියා රෝගය ශ්‍රී ලංකාවෙන් තුරන්වුවත් එහි අවදානම තවදුරටත් ශ්‍රී ලංකාව වෙත පවතින බැවින් ඒ පිළිබදව නිරන්තර දැනුවත් වීම කාලෝචිතය. මැලේරියා මර්දන ව්‍යාපාරය විසින් මැලේරියා රෝගයේ අවදානම පිළිබදව නැවත සිහිපත් කෙරෙන දින දර්ශනයක් නිකුත් කර ඇති අතර එය ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කෝවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය වෙත පිළිගැන්වීම මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ (වැ.බ.) විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා විසින් සෞඛ්‍ය අමාත්‍යංශයේදී කටයුතු කරන ලදි. 2012 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ අවසන් මැලේරියා රෝගියා වාර්තා වීම තුළ මැලේරියාව හදන පරපෝෂිතයා මෙරටින් තුරන් කිරීමට හැකිවී ඇති අතර ඉන් පසු මැලේරියා රෝගීන් මෙරටින් වාර්තා වී නොමැත. එහෙත් විදෙස්ගතව සිට පැමිණෙන අයවලුන්ගෙන් මැලේරියා රෝගය වැළදුනු රෝගීන් විටින් විට වාර්තා වී ඇති අතර එමගින් මැලේරියා රෝගයේ අවදානම නැවත වතාවක් ශ්‍රී ලංකාව වෙත යොමුවෙමින් පවතී. විදෙස්ගතව සිට පැමිණි මැලේරියා රෝගීන් 50ක් පමණ මේ වන විට හදුනාගෙන ඇත. විදෙස්ගතව සිට පැමිණෙන අයගෙන් මැලේරියා රෝගය මෙරට ජනතාව වෙත බෝවීමට ඇති ඉඩකඩ අවම කිරීම සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඇතුළු, විදෙස්ගතව සිට පැමිණෙන්නන්ගෙන් සහ ඒ ආශ්‍රිතයින්ගේ වගකීම බැවින් ඔවුන්ගේ අවධානයට එය යොමුවිය යුතුය. රෝගීන් වාර්තා වීම අවම වීම තුළ රෝග පාලනයට ඇති අවධානය ගිලිහීමට ඇති අවකාශය පුළුල්ය. එබැවින් මැලේරියා රෝගයේ ඇති අවදානම නැවත සිහිපත් කෙරෙන දින දර්ශනයක් මෙසේ UNHCR ආධාර යටතේ නිර්මාණය කර ඇත. මෙම දින දර්ශනය සෑම රෝහලකම වෛද්‍ය කාර්ය මණ්ඩලවල සහ මහජනතාවගේ අවදානයට යොමු කෙරෙන අයුරින් ස්ථානගත කිරීමට නියමිතය. මේ වන විට කෝවිඩ් රෝගය මෙන්ම ඩෙංගු රෝගය පිළිබදවද විශේෂ අවධානයක් යොමුවී ඇති බැවින් සෙසු රෝගයන් කෙරෙහි දක්වන අවධානය ගිලිහීයාමට ඉඩ ඇත. එබැවින් මැලේරියා වැනි ශ්‍රී ලංකාවෙන් තුරන් කළ රෝගයක් නැවත ඉස්මතුවීමට ඇති ඉඩකඩ ඇහිරීමට සියලුදෙනාම අවාධානයෙන් සිටිය යුතු බව අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අවධාරණය කර සිටියි.



Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page