මිල්කෝ සමාගමේ නව සභාපති වැඩ භාරගනියි...
- helloplanetaviss
- Jan 21, 2022
- 1 min read

පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යංශයට අනුබද්ධිත සමාගමක් වන මිල්කෝ පුද්ගලික සමාගමේ නව සභාපතිවරයා ලෙස රේණුක පෙරේරා මහතා වැඩ බාර ගැනම අද (21) දින සිදුවිය.
පශු සම්පත් ගොවිපළ ප්‍රවර්ධන කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී බී හේරත් අමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන් මෙම කෙටි උත්සවය මිල්කෝ ආයතනයේ ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්විණි. මෙම අවස්ථාවට අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජගත් කුමාර මහතා සහ දුලිප් විජේසේකර මහතා, හිටපු පළාත් ඇමති කාංචන ජයරත්න මහතා, ඇතුළු මැති ඇමතිවරුන් මෙන්ම රාජ්‍ය අමාත්‍යංශ ලේකම් වරුණ සමරදිවාකර මහතා, මිල්කෝ ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු එහි නිලධාරීන් සහ සේවක පිරිසක්ද, මිල්කෝ ආයතනයේ පොදුජන පෙරමුණේ වෘත්තීය සමිති සාමාජිකයින් පිරිසක්ද සහභාගී වූහ.
Comments