top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

මෙරට නිෂ්පාදනය කළ හැකි සියළුම බීජ වර්ග, මෙරට නිෂ්පාදනය කිරීමට පියවර....

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Sep 21, 2021
  • 1 min read

ree

ශ්‍රී ලංකාව වසරකට බිලියන 02ක මුදලක් බීජ ආනයනය සඳහා පමණක් වැය කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද(21) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ඉදිරියේදී මෙරට නිෂ්පාදනය කළ හැකි සියළුම බීජ වර්ග මෙරට නිෂ්පාදනය කිරීමට සහ මිරිස් ආනයනය සම්පූර්ණයෙන්ම නතර කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය. මෙරටට අවශ්‍ය අල,ලූණු සහ මිරිස් ආනයනය කිරීමට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් වැය වේ. අල, ලුණු මෙරටදීම නිෂ්පාදනය කර ගත හැකිව තිබියදී ආනයනය සඳහා යොමුව ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා මේ හේතුවෙන් අනවශ්‍ය ලෙස බීජ මිල ඉහළ ගොස් ඇතැයි සඳහන් කළේය. මෙරට නිෂ්පාදනය කළ හැකි බීජ විශාල ප්‍රමාණයක් ආනයනයකිරීමට මෙතෙක් කලක් හුරු වී සිටි බව පැවසූ අමාත්‍යවරයා, ඉදිරියේදී නිෂ්පාදනය කළහැකි සෑම භෝගයක්ම මෙරටදී නිෂ්පාදනය කිරීම රජයේ අරමුණ බව පැහැදිළි කළේය. මෙම මෙරට පරිභෝජනය සඳහා අවශ්‍ය බීජ ප්‍රමාණය මේ වන විටත් හඳුනාගෙන ඇති බවත් , මිරිස් බීජ කිලෝ 2250 සහ හෙක්ටයාර් 10,000ක භූමි ප්‍රමාණයක් ඒ් සඳහා අවශ්‍ය වන අතර , මෙම වසරේ සියයට පනහක් මිරිස් බීජ මෙරට නිෂ්පාදනය කරන බවද කීය. අල සහ ලූණු බීජ අවශ්‍යතාවයෙන් සියයට 65 ක් මෙරට තුළ නිෂ්පාදනය කිරීම බලාපො‌රොත්තුව බවද අමාත්‍යවරයා කීය. ඒ අනුව ලබන වසර වන විට මෙම බීජ ආනයනය සියයට පනහකින් අවම කර ගත හැකි වනු ඇති බවත් ඉදිරි වසර තුන වන විට මෙරට නිෂ්පාදනය කළ හැකි සියළු බීජ මෙරටදීම නිෂ්පාදනය කිරීම අරමුණ බවද පෙන්වා දුන්නේය.


Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page