මෙරටින් වාර්තා වන දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 700 ඉක්මවයි
- helloplanetaviss
- Dec 6, 2021
- 1 min read

මෙරටින් වාර්තා වන දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව තවදුරටත් 700 සීමාව ඉක්මවනු ලබනවා. ඊයේ දිනයේද මෙරටින් කොරෝනා ආසාදිතයින් 746 ක් වාර්තා වූ බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ. දෛනිකව මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව අඩු කර ගැනීමට තවදුරටත් ජනතාවගේ සහාය අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. මේ වන විට එය පාලනය කිරීමට හඳුන්වා දී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ ප්‍රමාණවත් බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත හේරත් නෙත් නිවුස් කළ විමසීමකදී සඳහන් කළේ.
මේ අතර එළඹෙන උත්සව සමයේදී ජනතාව දැඩි අවධානයෙන් යුතුව කටයුතු කළ යුතු බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසුවේ.
මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ එම සංගමයේ විධායක කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ.
මේ අතර තුන්වන මාත්‍රාව හෙවත් බූස්ටර් එන්නත මෙරටදී ලබාගත් පුද්ගලයින් සංඛ්‍යාව නව ලක්ෂ 56,946 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ දිනයේ පමණක් එම එන්නත පුද්ගලයින් 17,664 දෙනෙකුට ලබාදුන් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.
Comments