top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

මාර්ග සංවර්ධනය සිදු කෙරෙන ස්ථානවල මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් අනතුරු සංඥා පුවරු ඉදිකිරීමට උපදෙස්...

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Sep 21, 2021
  • 1 min read

ree

සතියකින් මාර්ග සංවර්ධනය සිදු කෙරෙන ස්ථානවල මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් අනතුරු සංඥා ,අනතුරු හැඟවීමේ සංඥා හා මාර්ග සංඥා,වේගපාලන ගැටි යොදා ගන්නා ලෙස මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදි.

අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දුන්නේ, (19) zoom තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවකදීය. තමන් මේ දිනවල දිවයිනේ මාර්ග සංවර්ධන පිළිබඳ සොයා බැලීමට නිරීක්ෂණ චාරිකාවන්වල නියැලුණ බවත් සමහර ස්ථානවල නිසි ආකාරයට අනතුරුදායක ස්ථාන පිළිබඳ විධිමත් ලෙස අනතුරු හැඟවීමේ සංඥා සවි කර නොමැති බවත් ,වේග පාලන ගැටි ඉදිකර නොමැති බවත් අමාත්‍යවරයා විසින් පෙන්වා දෙන ලදී. තවද දැවැන්ත සංවර්ධනය වගේම ප්‍රමුඛතාවය ලබාදිය යුත්තේ මහජන ආරක්ෂාව සඳහා බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් අදහස් දැක්වීය. ඒ අනුව මේ සම්බන්ධයෙන් සියලුම ඉංජිනේරුවන්,සියලුම මාර්ග සංවර්ධනයට අදාළ වන පාර්ශව හා කොන්ත්‍රාත්කරුවන් වහාම දැනුවත් කරන ලෙස අමාත්‍යවරයා අවධාරණය කරන ලදී .

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page