top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ගෙනයන වැඩපිළිවෙළහි ප්‍රගතිය ඉතා ඉහළයි...

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Jan 21, 2022
  • 2 min read

ree

මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ගෙනයන වැඩපිළිවෙළහි ප්‍රගතිය ඉතා ඉහළයි ... තාරික් අහමඩ් සාමිවරයා එක්සත් රාජධානියේ දකුණු ආසියාව සහ පොදුරාජ්‍ය මණ්ඩලය පිළිබඳ අමාත්‍ය

මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ගෙනයන වැඩපිළිවෙළ ඉතා ඉහළ ප්‍රගතියක් පෙන්නුම් කරන බව එක්සත් රාජධානියේ දකුණු ආසියාව සහ පොදුරාජ්‍ය මණ්ඩලය පිළිබඳ අමාත්‍ය තාරික් අහමඩ් සාමිවරයා (Lord Tariq Ahmad) පවසයි. තවදුරටත් එය ශක්තිමත් කිරීමට ප්‍රායෝගික සහ අරමුණු කරා ළඟා විය හැකි ක්‍රමවේදයක් අනුව ඉදිරියට යෑමෙන් මානව හිමිකම් පිළිබඳ ශ්‍රී ලංකාවට ඇති සියලු ගැටලු නිරාකරණය කරගත හැකි වනු ඇති බව ද ඒ මහතා පෙන්වා දුන්නේය. අමාත්‍ය තාරික් අහමඩ් සාමිවරයා (20) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු වූ අවස්ථාවේ මේ බව පැවසීය. දකුණු ආසියාව, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ එක්සත් රාජධානියේ පොදු රාජ්‍ය මණ්ඩලය පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ඉන්දියානු සාගර කලාපය, මධ්‍යම ආසියාව, පොදු රාජ්‍ය මණ්ඩලය සමග සහයෝගීතාව ඇති කිරීම සඳහා ක්ෂේත්‍ර රැසක වගකීම් පැවරී ඇත්තේ තාරික් අහමඩ් සාමිවරයාට ය. ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ අරමුණු ඉටු කර ගැනීමට සහ තාක්ෂණික බාධක ජය ගැනීමට සහාය වන ලෙස ජනාධිපතිතුමා කළ ඉල්ලීමට කඩිනම් ප්‍රතිචාර දැක්වූ අහමඩ් සාමිවරයා සිය රටට ගිය විගස ඒ පිළිබඳ සොයා බලා ලබාදිය හැකි සෑම සහයක්ම ලබාදීමට කටයුතු කරන බව පැවසීය. ශ්‍රී ලංකාවේ ආයෝජනයට පහසුකම් සැපයීමෙන් ආයෝජකයන් ආකර්ශණය කරගත හැකි බව පෙන්වා දුන් සාමිවරයා එක්සත් රාජධානියේ පදිංචිව සිටින විවිධ ජාතීන්ට අයත් ජන කොටස් ශ්‍රී ලංකාවේ නව ආයෝජන සඳහා අපේක්ෂාවෙන් සිටින බව ද පැවසීය. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවිකාවන් සදහා එක්සත් රාජධානියේ රැකියා අවස්ථා ලබාදීමේ ගිවිසුමකට අත්සන් තබා තිබේ. ආර්ථික ක්ෂේත්‍රයේ සහයෝගීතාව වර්ධනයට ඇති හැකියාව සොයා බැලීමට ද සාමිවරයා පොරොන්දු විය. ශ්‍රී ලංකාව මුහුණ දී ඇති සියලු ගැටලු විසඳමින් එක ජන කොටසක් ලෙස ජීවත් වීමට හැකි පරිසරය උදා කිරීම රජයේ අරමුණ වී තිබේ. එහිදී එක්සත් රාජධානියේ සිටින ශ්‍රී ලාංකික ඩයස්පෝරාව සමග අවබෝධයෙන් කටයුතු කිරීමට ඇති කැමැත්ත ප්‍රකාශ කළ ජනාධිපතිවරයා ඒ සඳහා ඩයස්පෝරාව සමග සාකච්ඡා කිරීමට අවස්ථාව සලසන ලෙස තාරික් අහමඩ් සාමිවරයාගෙන් ඉල්ලා සිටියේ ය. එක්සත් රාජධානිය ශ්‍රී ලංකාවේ සමීප ප්‍රායෝගික මිත්‍රයෙකු ලෙස සහයෝගයෙන් කටයුතු කිරීමට සැමවිටම සූදානමින් සිටින බව ද සාමිවරයා පැවසීය. එක්සත් රාජධානියා සහ ශ්‍රී ලංකාව අතර තානාපති සබඳතා වලට 2023 දී වසර 75ක් සපිරේ. ඒ වෙනුවෙන් සැමරුම් උළෙලක් පැවැත්වීමට සැලසුම් කර ඇත. එහිදී දෙරටේ අනන්‍යතාවය පිළිඹිබු කරන සංස්කෘතික, කලා, අංගයන් සහ දෙරටේ ජනතාව අතර සබඳතාව වර්ධනය වන ආකාරයට එම වැඩසටහන පැවැත්වීමට ද සාකච්ඡා කෙරිණ. ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් (Sarah Hulton), පළමු ලේකම් මැතිව් ඩීත් (Mathew Deith), තාරික් අහමඩ් සාමිවරයාගේ සහකාර ඉසබෙල් ස්කොට් (Isabelle Scott), විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග සහ විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ යන මහත්ම මහත්මීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page