top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

මානව හිමිකම් කඩකිරීම් සිදුව ඇති දැයි විමර්ශනයට පත්කළ කොමිසමේ දෙවන අතුරු වාර්තාව ජනපතිට භාර දෙයි.....

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Feb 19, 2022
  • 1 min read

ree

මානව හිමිකම් පිළිබඳ පූර්ව කොමිෂන් සහ කමිටුවල තීරණ ඇගයීම සහ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ දෙවන අතුරු වාර්තාව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස් මහතා විසින් (18) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත භාර දෙනු ලැබීය.

මානව හිමිකම් සහ අන්තර්ජාතික මානුෂීය නීතිය කඩකිරීම් සහ සමාන බරපතළ වැරදි පිළිබඳ චෝදනා විමර්ශනය පිණිස පත් කළ කොමිෂන් සභා හෝ කමිටු අනාවරණය කරගත් තොරතුරු විමර්ශනය, පරීක්ෂණය සහ වාර්තා කිරීම හෝ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපතිතුමා විසින් 2021 ජනවාරි මස 21 ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර ඒ.එච්.එම්.ඩී. නවාස් මහතාගේ සභාපතීත්වයෙන් යුත් කොමිසම පත් කෙරිණ. එම කොමිසමේ පළමු වාර්තාව 2021 ජුලි මස 21 වන දින ජනාධිපතිතුමා වෙත භාර දීම සිදුවිය. පිටු 107කින් සමන්විත දෙවන වාර්තාව සැකසීමේ දී යුද්ධයට මුහුණ දුන් සහ ඒ ආශ්‍රිත අත්දැකීම් සහිත යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්කයන්හි පදිංචිකරුවන් 75 දෙනෙකුගේ සාක්ෂි මත පදනම් කරගත් කරුණු සැලකිල්ලට ගනිමින් නිර්දේශ කිහිපයක් කොමිසම ඉදිරිපත් කර ඇත. 2015 දී පත් කළ පරණගම කොමිසම සොයාගත් කරුණු වහාම විමර්ශනය කර ඒ සම්බන්ධයෙන් නඩුවක් හෝ වන්දි ලබාදීමට නිර්දේශ කර තිබේ. ආර්ථික වශයෙන් නැගී සිටීමට රජයේ උපකාරය අවශ්‍ය බව කොමිසම ඉදිරියේ සාක්ෂි ලබාදුන් පිරිස ඉල්ලා සිටි අතර ඒ සඳහා ද කොමිසමේ නිර්දේශය හිමිව ඇත. ත්‍රස්තවාදීන් සැමරීමට ඉඩක් නොමැති අතර යුද සමයේ දී යම් ඥාතියෙක් මිය ගොස් ඇත්නම් ඒ සම්බන්ධයෙන් පුද්ගලිකව සැමරීමට අයිතිය ලබාදීමට ද කොමිසමේ නිර්දේශ කර ඇති අතර ලබන ජුනි මාසය වන විට අවසන් වාර්තාව ජනාධිපතිවරයාට භාරදීමට හැකි වෙතැයි එහි සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර ඒ.එච්.එම්.ඩී. නවාස් මහතා සඳහන් කළේය. ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා මෙම අවස්ථාවට එක්ව සිටියේය.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page