top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ නිවසට එල්ල වු ප්‍රහාරය පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා....

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Feb 15, 2022
  • 1 min read

ree

චමුදිත සමරවික්‍රම ජ්‍යෙෂ්ඨ මාධ්‍යෙව්දියාගේ නිවසට එල්ල වු ප්‍රහාරය පිළිකුලෙන් යුතුව හෙළා දකින බව ජනමාධ්‍ය අමාත්‍ය සම කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද(15) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිණි. පොලිස්පතිවරයා විසින් මේ සම්බන්ධයෙන් විශේෂ කණ්ඩායමක් පත් කර ඇති බවත්, පොලිසිය මෙම ගතවූ කාල සීමාව තුළදී විශේෂ පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් ප්‍රකාශ කළ ජනමාධ්‍ය අමාත්‍යවරයා පොලිස් නිලධාරින් 60 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් CCTV දත්ත පරීක්ෂා කිරීම සඳහා පමණක් යොදවා ඇතැයි සඳහන් කළේය. ඊයේ දිනයේදී තමා පෞද්ගලිකවද එම නිවසට ගොස් මේ සම්බන්ධයෙන් විමසූ බව පැවසූ ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා වගකීම් සහගත රජයක් වශයෙන් නිදහස් මාධ්‍යයේ වටිනාකම තම රජය හොඳින් තේරුම් ගෙන ඇති බව කීය. මෙම ප්‍රහාරයෙන් හමන්නේ කුණු වූ සමාජ කණ්ඩායම් වල දුගඳ බවද කීය. "අද වන විට ලොවපුරා මාධ්‍ය සඳහා අසීමිත බලයක් ලැබී තිබෙනවා. දේශපාලනක්ඥයා සතු බලය අද ඇත්තේ මාධ්‍ය සහ මාධ්‍ය ආයතන වලටයි. එම බලය යනු අසීමිත වගකීමක්. කිසිම අවස්ථාවක එය අභියෝගයට ලක් කළ නොහැකි යි" මාධ්‍ය සඳහා අසීමිත බලයක් පැනවී ඇති බවත් එය මාධ්‍ය සඳහා ලැබුණු අසීමිත වගකීමක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා, මෙම මැර ප්‍රහාරය එල්ල කළ පුද්ගලයන් මාධ්‍ය හරහා නිරුවත් කරන ලෙසත් ප්‍රජාත්‍රන්තවාදියෙකු ලෙස හඩක් නැති පුද්ගලයෙකු බ ව අමාත්‍යවරයා සඳහන් කළේය. ප්‍රකාශනයේ නිදහසට යම් පීඩනයක් එල්ල කිරීම රජය අනුමත නොකරන බවත් රජය මෙවැනි ක්‍රියා කිසි සේත් අනමුත නොකරන බවද කීය. අතීතයේ මීට වඩා භිය වැද්දීම් මද්ධ්‍යයේ පෑන අතට ගත් මාධ්‍යවේදීන් සිටින බවත් , එවැනි පරිසරයක් තුළ කටයුතු නොකර භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතිය ආරක්ෂා වන පරිදි මාධ්‍ය භාවිතයක් සඳහා වන පරිසරයක් නිර්මණය කිරීම ජනමාධ්‍යඅමාත්‍යවරයා ලෙස තමාගේ වගකීම බවද කීය. මෙම අවස්ථාවේදී මෙම ප්‍රහාරය පොදුවේ සමස්ත මාධ්‍යවේදීන් උදෙසා කළ ප්‍රහාරයක් බවත් එය මාධ්‍යවේදීන් හෙළා දකින බවද මෙම අවස්ථාවට එක් වූ මාධ්‍යවේදීන් සඳහන් කළේය.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page