top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සඳහා වූ පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේ කිසිවෙකුගේ බලපෑමට නොවේ

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Oct 23, 2023
  • 2 min read

ree

මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සඳහා වූ පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබූයේ කිසිවෙකුගේ බලපෑමට නොවන බවත් ජනතාවගේ අවශ්‍යතාවයන් වඩා ධනාත්මක මට්ටමකින් ලගා කරගැනීමට බවත් අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.


සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය පසුගියදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සංවිධානය කළ විධායක ජනාධිපති ක්‍රමය හා මැතිවරණ ප්‍රතිසංස්කරණ සඳහා වූ විද්වත් සංවාදයට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

එක් පුද්ගලයකු වටා ගොඩනැගුණු පාලන ක්‍රමයක් වෙනුවට ජනතා පරමාධිපත්‍යට ගරු කරන පාලන ක්‍රමයක් සකස් කිරීමේ ඇති වැදගත්කම පිළිබඳව මෙහිදී සංවාදයට ගැණිනි.

වර්තමාන ජනාධිපතිවරයා ධූරයට පත්වීමෙන් පසු තමා අධිකරණ අමාත්‍යවරයා ලෙස වැඩභාරගෙන දිනක් ඇතුළත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධනයන් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කල බවත්, මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත ඉදිරිපත් කර එම පනත සම්මත කිරීමටද කටයුතු කිරීම ජනතාව ලබාගත් විශාල ජයග්‍රණයක් බවත්, අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය. එමෙන්ම මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ සමඟ ලබන මස මුල් සතියේදී සාකච්ඡා කිරීමට නියමිත බවත් එවැනි ව්‍යවස්ථාමය වෙනස්කම් කිරීමේදී සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදයට ඉඩ විවර කිරීමට ආණ්ඩුව සූදානම් බවත් අමාත්‍යවරයා කීය.

මිලියන පන්සියයක් හයසියයක් වියදම් කරන ඇතැම් ව්‍යාපාරිකයන් සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය මෙරටට ගෙන්වන පුද්ගලයින් ඡන්දය සඳහා ඉදිරිපත් වී බලය ලබාගැනීමේ ක්‍රමවේදය 1989 වසරේදී පමණ සිට ක්‍රියාත්මක වන බවත් එසේ බලය ලබාගන්නා පුද්ගලයන් යටි අරමුණු සහිතව ක්‍රියාත්මක වන බවත් හෙතෙම පැවසීය.

2005 වසරේ සිට 2022 දක්වා කාලය තුළ මෙරට මුදල් ඇමරිකන් ඩොලර් බිලියන පනස් හයක් පමණ ප්‍රමාණයක් විදේශයන්හි සඟවා තිබෙන බවත් එම මුදල් මෙරටින් පිටවීම නිසා අපේ රට මේවන විට බරපතල ව්‍යවසනකාරී තත්වයට සෘජුවම හේතුවී ඇති අතර එවැනි කටයුතු අවම කිරීමට දූෂණ විරෝධී පනත වැනි පනත් සම්මත කිරීම තුළින් වඩා සාර්ථක ප්‍රතිඵල අත්කරගත හැකි බවත් දූෂණ විරෝධි පනත නිසියාකාරව ක්‍රියාත්මක කරන්නේ නම් එය ආසියාවේ හොදම දූෂණ විරෝධී පනත බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. එහිදී අරගලය සම්බන්ධව අදහස් දැක්වූ අමාත්‍යවරයා; “අරගලේ කියල එකක් තිබුණා අරගලේ කරන්න තිබුණෙ මීට කලින් මම කොප් කටිටු වලදි හොරකම් කරපුව පෙන්නල දීපු වෙලාවේ කෝ කවුරුත් ඒ වෙලාවෙ අරගල කරේ නෑ ඇයි ඒ තමන්ට ඒක දැනුනෙ නැති හින්ද, අරගලේ කියල ඔක්තොම කරේ බොරුව තම තමන්ගේ බඩට වැදුනට පස්සෙයි හැමෝටම අරගල කරන්න මතක් උනේ, 225කට විතරක් රට භාරදීලි බලන් ඉන්නෙ නැතුව ජනතාවට වගකීමක් තියනවා ඒ ගැන සොයා බලන්න” ලෙසද අමාත්‍යවරයා සඳහන් කළේය. ෙසාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කථානායක දේශබන්දු කරු ජයසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස්, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ සභාපති පාක්‍යසෝති සරවනමුත්තු, මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය යන මහත්ම මහත්මීන් ඇතුලු විද්වතුන් පිරිසක් මෙම සංවාදයට සහභාගී විය.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page