top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

මිත්‍යාදෘෂ්ටිය නැවතුණු තැන

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Feb 10, 2022
  • 1 min read

ree

බඩල්ගම පොලිස් වසමේ ආඬිමුල්ල ප්‍රදේශයේ නිවසකින් සැක කටයුතු දුර්ගන්ධයක් ඇති වන බවට ලැබුණු තොරතුරක් මත පොලිස් විමර්ශනයක් ක්‍රියාත්මක වී තිබෙනවා.


ඒ ඊයේ (09) දිනයේ දි යි.


එහි දී අදාළ නිවසේ කාමරයක ඇඳක් මත මියගොස් සිටි වයස අවුරුදු 10ක පමණ පිරිමි දරුවෙකුගේ මළසිරුරක් හමු වී ඇති බව පොලිසිය වාර්තා කරනවා.


මෙම දරුවා පසුගිය හත් වැනි දා උගුරේ සෙම සිරවීම ආශ්‍රිත රෝගී තත්ත්වයකින් පෙළී තිබෙන අතර, දරුවාගේ දෙමව්පියන් විසින් ඔහු අ කිසිදු වෛද්‍ය ප්‍රතිකාරයක් සඳහා යොමු නො කරනු ලැබ බව යි සඳහන් වන්නේ.


දෙමව්පියන් විසින් දරුවා ව කාමරයක තබා රෝගය සුව වන තුරු ආගමික යාඤාවක් සිදු කර ඇති අතර, එම යාඤාව අතර තුර දරුවා මිය ගොස් තිබෙනවා.


ඉන් පසු ද නැවත දරුවාගේ ප්‍රාණය එන තුරු ඔවුන් අදාළ ආගමික යාඤාව සිදු කර ඇති අතර, කිසිදු අවස්ථාවක දරුවා වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කර නෑ.


දරුවාගේ මවත් පියාත් හා මිත්තනියත් යන තිදෙනා ම මේ වන විට අත් අඩංගුවට ගෙන තිබෙනවා.


සිදුවීම සම්බන්ධව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය කරුණු වාර්තා කර ඇති අතර, මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිත යි.


වැඩිදුර විමර්ශන කටයුතු බඩල්ගම පොලිසිය විසින් මෙහයවෙනු ඇති.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page