top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

මුඛ පිළිකාව කල් ඇතිව හඳුනාගැනීමෙන් සුව කරගත හැකියි - ප්‍රජා දන්ත විශේෂඥ වෛද්‍ය ඉෂානි ප්‍රනාන්දු

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Jul 27, 2023
  • 1 min read

ree

මුඛ පිළිකාව වළක්වාගත හැකි අතරම කල් ඇතිව හඳුනාගැනීම මගින් සුව කරගත හැකි බව ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ ප්‍රජා දන්ත විශේෂඥ වෛද්‍ය ඉෂානි ප්‍රනාන්දු මහත්මිය පවසයි.


ඇය මේ බව පැවසුවේ, හෙටට (ජූලි 27ට) යෙදෙන ලෝක හිස සහ ගෙල ආශ්‍රිත පිළිකා දිනය නිමිත්තෙන් අද (26) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේදී පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

අපගේ ජීවන රටාව නිසි ආකාරව සෞඛ්‍ය සම්පන්නව පවත්වාගෙන යාමෙන් තුනෙන් එකක්ම පිළිකා සෑදීම වළක්වාගත හැකි බවද, තවත් තුනෙන් එකක් පිළිකා කල් ඇතිව හඳුනාගැනීමෙන් නිසි ප්‍රතිකාර වලට යොමුවී සුවකරගත හැකි බවද අවධාරණය කළ ප්‍රජා දන්ත විශේෂඥ වෛද්‍යවරිය මුඛ පිළිකාවද එම කොට්ඨාශ 02ට අයත් වන බව සිහිපත් කළාය.

පිරිමින් අතර පවතින ප්‍රධානම පිළිකාව මුඛ පිළිකාව බවද, මේ නිසා ලංකාවේ හිස හා ගෙල ආශ්‍රිත පිළිකා දිනය සැමරීම සඳහා තේමාව ලෙස සායනික මුඛ පරීක්ෂාවෙන් සුවැති මුවක් යන්න හඳුනාගෙන ඇති බවද අවධාරණය කළාය.

ලංකාව තුළ හඳුනාගන්නා මුඛ පිළිකා රෝගීන්ගෙන් 70%ක්ම හඳුනාගන්නේ පසු අවදියේදී බව සිහිපත් කළ වෛද්‍යවරිය සායනික මුඛ පරීක්ෂාවෙන් සුවැති මුවක් යන තේමාවෙහි වැදගත්කම සම්බන්ධයෙන්ද සිහිපත් කළාය.

ලෝකයේ අනෙක් රට වල මුඛ පිළිකාව 16 වෙනි තැනට පවතින අතර අප රටෙහි කාන්තා සහ පිරිමි දෙපාර්ශවය අතරම මෙය තෙවන ස්ථානයේ එනම් තුන්වෙනියට වැඩි වශයෙන් පවතින පිළිකාව ලෙස මෙය පවතින බවද පැවසුවාය.

පිරිමින් අතර පවතින සියලුම පිළිකා වලින් මුඛය, දිව සහ තොල් ආශ්‍රිත පිළිකා 13%ක් වන අතරම ස්වාසනාලය, ස්වාසනාලිකා සහ පෙනහළු ආශ්‍රිතව පිළිකා තත්ත්වයන් 9%ක් පවතින බවද පැවසුවාය. මෙම තත්ත්ව 02ට ප්‍රධානම හේතුව දුම්කොල ආශ්‍රිත නිෂ්පාදන භාවිතය බවද, මුඛ පිළිකා සඳහා සියලුම වර්ගයේ දුම්කොළ භාවිතය හේතු වන බවද බුලත් විට සමග භාවිතයට ගන්නා පුවක්ද පිළිකාකාරකයක් වන බවද සඳහන් කළාය.

මීට අමතරව මුඛ පිළිකා සඳහා හේතු වශයෙන් මධ්‍යසාර භාවිතය, හියුමන් පැපිරෝමා නැමති වෛරසය ආසාදනය සහ අඩු පෝෂණය මෙන්ම අයහපත් මුඛ සෞඛ්‍යයද හේතුකාරක වන බව අවධාරණය කළාය

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page