top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

බස් ගාස්තු සංශෝධනය ගැන ගමනාගමන කොමිසමේ තීන්දුව අද

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Oct 18, 2022
  • 1 min read

ree

ඉන්ධන මිල සංශෝධනයට අනුව බස් ගාස්තු සංශෝධනයක් සිදු කළ හැකිද? නැද්ද? යන්න අද දිනයේ ප්‍රකාශයට පත් කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා. එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩෝ පැවසුවේ බස් ගාස්තු පිළිබද ජාතික ප්‍රතිපත්තියට අනුව ගාස්තු සංශෝධනයක් සිදු කිරීමට නම් ඉන්ධන මිල සියයට 4කට වඩා වැඩි ප්‍රතිශතයකින් වෙනස් විය යුතු බවයි.

ඒ අනුව ඊට අදාළ ගණනයන් සිදු කර බස් ගාස්තු සංශෝධනයක් සිදුවනවාද නැද්ද යන්න අද ප්‍රකාශයට පත් කෙරෙන බවද ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සදහන් කළා.

මේ අතර පුද්ගලික බස් සංගම් නියෝජිතයින් පැවසුවේ ඊයේ රාත්‍රියේ සිදු වූ ඉන්ධන මිල අඩු කිරීමට අනුව බස් ගාස්තු අඩු කළ නොහැකි බවයි. බස් ගාස්තු සංශෝධනයක් සිදු කිරීමට නම් ඩීසල් ලීටරයක මිල රුපියල් 50කින් පමණ අඩු කළ යුතු බව පෞද්ගලික බස් සංගම් නියෝජිතයින් ප්‍රකාශ කළා.

මේ අතර පෙට්‍රල් මිල අඩුවීමට සාපේක්ෂව කුලී ත්‍රීරෝද රථ ගාස්තු අඩු කරනවාද යන්න අද දිනයේ ප්‍රකාශයට පත් කරන බවයි වෘත්තීය ත්‍රීරෝද රථ සංගමයේ ලේකම් නිශාන්ත කුමාර පැවසුවේ.


ඊයේ රාත්‍රීයේ 9යේ සිට බලපැවැත්වෙන පරිදි 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 40කින් සහ ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් අඩු කෙරුණා. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 370ක් වන අතර ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 415ක් වනවා.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page