බන්ධනාගාර තුළ ලැබෙන ආරක්ෂාව හෝ පහසුකම් සම්බන්ධයෙන් කිසිඳු ගැටලුවක් නෑ....
- helloplanetaviss
- Sep 27, 2021
- 1 min read

තමන්ට බන්ධනාගාර තුළ ලැබෙන ආරක්ෂාව හෝ පහසුකම් සම්බන්ධයෙන් කිසිඳු ගැටලුවක් නොමැති බවද, තමන් යාපනය බන්ධනාගාරයට යාමට ඉල්ලීම් කරනුයේ ආරක්ෂාව නිසා නොව තම පවුල්වල පිරිසට තමන්ව බැලීමට පදිංචි ස්ථාන වෙත පහසුවෙන් ළඟා විය හැකි බැවින් යැයිද එල් ටී ටී ඊ සැකකරුවන් පැවසූ බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි ශබ්රි මහතා පවසයි.
එල් ටී ටී ඊ සැකකරුවන් හමුවීම මෙන්ම බන්ධනාගාර පහසුකම් හා ආරක්ෂාව වැනි කාරණා නිරීක්ෂණය කිරීම සඳහා බන්ධනාගාර වෙත ගොස් පැමිණීමෙන් පසුව මාධ්‍ය හමුවේ අමතමින් ඊයේ(27) ඒ මහතා මේ බව පැවසීය. එමෙන්ම එල් ටී ටී ඊ සැකකරුවන්ට මේ වන විට හිටපු බන්ධනාගාර රාජ්‍ය අමාත්‍යවරයා පිළිබඳ සිදුකෙරෙන පරීක්ෂණ සම්බන්ධයෙන් කිසියම් බලපෑමක් එල්ලවීද යන්න සම්බන්ධයෙන් තමන් ඔවුන්ගෙන් විමසූ විට මෙම සිරකරුවන් පැවසුවේ තමන්ට කිසිඳු බලපෑමක් එල්ල වී නොමැති බවත්, ඉකුත් දා ඇතිවූ ගැටලුව ජාතිවාදය හෝ වෙනයම් ගැටලුවක් නිසා සිදු නොවූ දෙයක් බව තමන් දන්නේ යැයි ඔවුන් දන්නේ යැයි පැවසූ බවත්, අමාත්‍යවරයා පැවසීය. හිටපු අමාත්‍යවරයා සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ ස්වාධීනව සිදුකෙරෙනු ඇති බවද අමාත්‍යවරයා පැවසීය.
Comments