top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

බදුල්ල දිස්ත්‍රික්කයේ ස්වයං රැකියාවල නියුතු කාන්තා සංවිධානවලට ආධාර....

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Jan 22, 2022
  • 1 min read

ree

ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය මඟින් කාන්තා ව්‍යවසායකයින් බලගැන්වීම සඳහා අරමුණෙන් ක්‍රියාත්මක කළ වැඩසටහන යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලින් තෝරාගත් කාන්තා සංවිධානවලට ඔවුන්ගේ ආදායම් මාර්ග ප්‍රවර්ධනය කිරීමෙහි ලා ඔවුන් විසින් ඉදිරිපත් කළ යෝජනා අනුව විවිධ ස්වයං රැකියා උපකරණ ආධාර ලබාදීම පසුගියදා කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.

මේ යටතේ කාන්තා සංවිධාන අනුහතක් (97) සඳහා රුපියල් ලක්ෂ (60) හැටකට ආසන්න ස්වයං රැකියා උපකරණ බෙදාදීම සිදු කෙරුන බව ද, මෙම කාන්තා ස්වයං රැකියා රැකියාලාභීන් සිය වෘත්තීයමය වශයෙන් ශක්තිමත් කිරීම ඔස්සේ මෙරට දළ ජාතික නිෂ්පාදිතයට ඔවුන්ගේ දායකත්වය ඉහළ නැංවීම මෙම වැඩ සටහනේ අරමුණ බව ද එහි දී කම්කරු අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේය. මෙම උපකරණ ප්‍රදානය සමඟින්ම ඔවුන්ගේ ගෘහස්ථ ඵලදායිතාව ඉහළ නංවා ගැනීම පිළිබඳ වූ මාර්ගෝපදේශන වැඩසටහන් ද ක්‍රියාත්මක කරන බව ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජී.යූ.කේ.අල්ගේවත්තගේ මහතා පවසයි.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page