top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

බූස්ටර් එන්නත සෑම ආයතනයකම ලබාගැනීමට කටයුතු කරන්න...

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Jan 22, 2022
  • 1 min read

ree

ආයතනවල සේවයේ නිරත වන පුද්ගලයින්ට කොවිඩ්-19 වැළදීමේ අවදානමක් පවතින බැවින් බූස්ටර් එන්නත සෑම ආයතනයකම ලබාගැනීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයේ පාරිසරික සෞඛ්‍ය සහ වෘත්තීය සෞඛ්‍ය පිළිබද නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය තිලක් සිරිවර්ධන මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ, ඊයේ (21)මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි. රාජ්‍ය සහ පෞද්ගලික ආයතන වල සේවයේ යෙදෙන පුද්ගලයින් එකිනෙකා සමග සම්බන්ධ වීමට සිදුවීමත් රාජකාරී වෙලාවන් වලදී එකම කාමර තුළ සිටීමට සිදුවීමත් හේතුවෙන් ඔවුන් නිසි ආකාරව සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම ඉතාම වැදගත් බවත්, නිසි පරතරය තබාගැනීම, වාතාශ්‍රය ලබාගැනීම, පෞද්ගලික පිරිසිදුකම ආදිය පිළිබදව එම සේවකයින් වඩා අවධානය යොමු කළ යුතු බවද ඔහු අවධාරණය කළේය. බොහෝ ආයතන වල බොහෝදෙනා විවිධ හේතු දක්වමින් බූස්ටර් එන්නත ලබාගැනීමට මැළිකමක් දක්වන බවද, මෙම කොවිඩ් රෝගය වළක්වාගැනීමට නම් බූස්ටර් එන්නත ලබාගැනීම අත්‍යවශ්‍ය බවද ඔහු කියා සිටියේය. ආයතන වල නිලධාරීන්ට එන්නත ලබාගැනීම හේතුවෙන් සාමාන්‍ය උණ තත්ත්වයන් වැළදුනහොත් නිවාඩු ගැනීමට අසීරු යැයි කරුණ පාදක කරගනිමින් එන්නත ගැනීමෙන් වැළකී නොසිටින ලෙසද, එසේනම් සෞඛ්‍ය අංශ වල නිලධාරීන් හා සාකච්ඡා කර සිකුරාදා වැනි දින වලදී එන්නත්කරණය ආයතන වල සැලසුම් කරගන්නා ලෙසද ඔහු සදහන් කළේය. සෑම ආයතනයකම කොවිඩ් වැළැක්වීමේ ක්‍රියාමාර්ග වෙනුවෙන් යම් පුද්ගලයෙකු හෝ කේන්ද්‍රීය ඒකකයක් පවත්වාගැනීම වැදගත් බවද, එම ඒකකය මගින් ආයතනයන් තුළ කොවිඩ් වැළැක්වීමේ ක්‍රියාමාර්ග හරි ආකාරව වෙනවාදැයි සොයාබැලිය හැකි බවද වෛද්‍යවරයා ප්‍රකාශ කළේය.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page