top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

බූස්ටර් එන්නත ලබාදීම වේගවත් කෙරේ- පළාත් පාලන ආයතන එන්නත්කරණ මධ්‍යස්ථාන බවට පත් කිරීමට සැලැසුම්...

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Jan 7, 2022
  • 2 min read

ree

බූස්ටර් එන්නත ලබාදීම වඩා වේගවත් කිරීම සඳහා මෙරට සියලු පළාත් පාලන ආයතන එන්නත්කරණ මධ්‍යස්ථාන බවට පත් කිරීමට සැලැසුම් කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

එමෙන්ම ප්‍රාද්ශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මගින් බූස්ටර් එන්නත් ලබාදීම තවත් කඩිනම් කරන ලෙසත්, ඒ සඳහා සෑම කොට්ඨාශයකටම මධ්‍යස්ථාන කිහිපයක් එක් කරන ලෙසත් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්ට සහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්ට උපදෙස් ලබා දී ඇත. මෙමගින් ඉදිරි සති කිහිපය තුළ බූස්ටර් එන්නත ඉලක්කගත ජනගහනයට ලබා දීමට හැකිවනු ඇතැයි අමාත්‍යවරයා පෙන්වා දෙයි. ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංසදය සමඟ (06) සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවති විශේෂ සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව පැවසීය. සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. මේ වන විට මෙරට ඉලක්කගත ජනගහනයෙන් 28% ට බූස්ටර් එන්නත ලබාදී තිබේ. මේ මස අවසන් වන විට ඉතා ඉහළ ප්‍රතිශතයකට එම එන්නත ලබාදීම අරමුණ බව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.විශේෂයෙන් එළඹෙන 29 දිනට මෙරට එන්නත්කරණ වැඩපිළිවෙල ආරම්භ කර වසරක් පිරෙන බවත්,ගතවූ එම කාලය තුළ එන්නත් මිලියන 45 ක පමණ ප්‍රමාණයක් මේ වන විට මෙරටට ගෙනවිත් තිබෙන බවත් අමාත්‍යවරයා කීවේය. කේතය (QR code) හා යෙදුම (App) සහිත එන්නත්කරණ කාඩ්පත ඉතා ඉක්මනින් ලබාදෙන බවද එම කාඩ්පත සඳහා පූර්ණ එන්නත්කරණයට බූස්ටර් එන්නතද ඇතුළත් වන බව අමාත්‍යවරයා මෙහිදී කීය. එනිසා බූස්ටර් එන්නත ලබාගැනීම එන්නත්කරණ කාඩ්පතට අනිවාර්ය වනු ඇති බවත් එය පොදු ස්ථාන කරා ඇතුළු වීමේදී අත්‍යවශ්‍ය වන බවත් හෙතෙම පැවසීය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම එන්නත්කරණ වැඩපිළිවෙල ලොවටම ආදර්ශවත් ලෙස මෙරට ක්‍රියාත්මක කළේ යැයිද එය ලෝක රාජ්‍ය නායකයන්ගේ , රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ ඉහළ ප්‍රසාදයට ලක්ව ඇත්තේ යැයිද අමාත්‍යවරයා කීය. ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සුදේව හෙට්ටිආරච්චි, ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදයේ සභාපති අසංග ජයසූරිය,එහි ලේකම් ලක්සිරි වික්‍රමගේ , සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව, රජයේ අතිරේක ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මිලින්ද රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු විද්‍යුත් මාධ්‍ය ප්‍රධානීන් පිරිසක්ද මෙම අවස්ථාව සඳහා සහභාගි වූහ



Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page