top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

බාල බොරතෙල් ලංකාවට ගෙන්වා ඇතැයි බලශක්ති විශේෂඥයිනුත් අනාවරණය කරයි

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Oct 6, 2022
  • 1 min read

ree

ඔක්ටේන් ප්‍රමාණයෙන් අඩු පෙට්‍රල් මෙට්ට්‍රික් ටොන් 6,725 ක ප්‍රමාණයක් සපුගස්කන්ද තෙල් පිරිපහදුව තුළ ගබඩා කර තිබීම සම්බන්ධයෙන් විශේෂ විගණනයක් සිදුකළ යුතු බව බලශක්ති විශේෂඥයින් පවසනවා.

මෙවැනි අඩු ඔක්ටේන් ප්‍රතිශතයක් සහිත පෙට්‍රල් තොගයක් ඛණිජතෙල් පිරිපහදුව තුළ ගබඩා කර තැබීමට හේතු වී ඇත්තේ අවස්ථා 4 කදී පමණ තෙල් පිරිපහදුව විටින්විට වසා දැමීම නිසා බවයි ඔවුන් පවසන්නේ.

එහෙත් නෙත් නිවුස් කළ සොයා බැලීමකදී හෙළිවුණේ මෙවැනි ඔක්ටේන් ප්‍රතිශතයක් අඩංගු පෙට්‍රල් ප්‍රමාණයක් සපුගස්කන්ද තෙල් පිරිපහදුව තුළ තිබීම කිසිසේත් සිදුවිය නොහැකි බවයි. සාමාන්‍යයෙන් මෙවන් අවස්ථාවක ආනයනය කරන ලද බොරතෙල් තොගයෙන් අඩු ප්‍රතිශතය සහිත ඉන්ධන ඉතිරි වන්නේ සියයට 10 ක ප්‍රමාණයක් බවයි එම බලශක්ති විශේෂඥයින් සඳහන් කළේ.

එබැවින් මෙවැනි තත්ත්වයක් උද්ගත වී ඇත්තේ ආනයනය කරන ලද බොරතෙල් නියමිත ප්‍රමිතියට නොමැති වීම හේතුවෙන් බව ද බලශක්ති විශේෂඥයින් ප්‍රකාශ කළා. මේ සම්බන්ධයෙන් කඩිනමින් විගණනයක් පවත්වා අදාළ කරුණු අනාවරණ කළ යුතු බව ද බලශක්ති විශේෂඥයින් වැඩිදුරටත් පවසනවා.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page