top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

බ්‍රිතාන්‍ය රජයෙන් මෙරටට වෛද්‍ය උපකරණ තොගයක්...

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Sep 29, 2021
  • 1 min read

ree

මෙරට එන්නත්කරණ ක්‍රියාවලියේදී අවශ්‍යතාවන් අනුව රටම ආවරණය වන පරිදි සමානව එන්නත් බෙදා දෙමින් එම ක්‍රියාවලිය සාර්ථකව සිදු කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. ප්‍රදේශ හෝ පුද්ගල කණ්ඩායම් ඉලක්ක කර එන්නත් ලබා දීමක් සිදු නොවන බවත් අවශ්‍යතාවන් ඔස්සේ ඒවා ලබාදීම හේතුවෙන් එන්නත්කරණයේ වඩාත් සාර්ථක ප්‍රතිඵල ළඟා කර ගැනීමට හැකි වූ බවත් අමාත්‍යවරයා මෙහිදී කීය.

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් Sarah Hulton Obe මහත්මිය හා යුනිසෙෆ් සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත Christian Skoog මහතා හමු වූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව කීය. මෙහිදී මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට අවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක්ද පරිත්‍යාග කෙරිණි. එම උපකරණ අතර HDU ඇඳන් ,Multipara monitors, Syringe Pumps, Adult Suckers, Infusion Pumps ආදිය වේ. බ්‍රිතාන්‍ය රජයේ පරිත්‍යාගයක් ලෙස යුනිසෙෆ් සංවිධානයේ සම්බන්ධීකරණය, මිලදී ගැනීම හා බෙදාහැරීම යටතේ මෙම පරිත්‍යාග තොගය මෙරටට ලැබිණි. වයස අවුරුදු 30 ඉක්ම වූ පිරිස් සඳහා වන මෙරට එන්නත්කරණය 99% ට වඩා අවසන් යැයිද මේ වන විට ක්‍රියාත්මක කෙරෙමින් පවතින අවුරුදු 20-29 කාණ්ඩයේ එන්නත්කරණය සම්බන්ධයෙන් උපරිමයෙන් කටයුතු කරන බවද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී කීය. සංකූලතා සහිත දරුවන් සඳහා වන එන්නත්කරණය, ලෝක විශේෂඥ මතයද සැලකිල්ලට ගනිමින් එම නිර්ණායක පිළිබඳ දැඩි අවධානය යොමු කරමින් මෙරට විශේෂඥ වෛද්‍යවරුන්ගේ නිර්ණායක මත මේ වන විට ක්‍රියාත්මක කෙරෙමින් පවතින්නේ යැයිද හෙතෙම පෙන්වා දුන්නේය. මෙරට කොවිඩ් පාලනයට මෙන්ම එන්නත්කරණයට ජාත්‍යන්තරිකව ලැබෙන සහය අගය කරන බවත් එම සහය ඉදිරියටත් අපේක්ෂා කරන බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී කීය. ශ්‍රී ලංකාවේ කරනු ලබන එන්නත්කරණ ක්‍රියාවලිය බ්‍රිතාන්‍ය තානාපතිවරියගේ මෙන්ම යුනිසෙෆ් සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිතවරයාගේ හා එහි නිලධාරීන්ගේ දැඩි ඇගයීමට ලක් විය. මෙම අවස්ථාව සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ , සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්ම මහත්මීන් සහභාගි විය.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page