top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

බිය සැක දුරු කල අළුත් ගෑස් වෙළඳපොලට එයි

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Dec 7, 2021
  • 1 min read

ree

පාරිභෝගික කටයුතු අධිකාරියේ මාර්ගෝපදේශයන්ට යටත්ව ගෑස් සමාගම් අද වෙළෙඳපොළට ගෑස් නිකුත් කළා.

ඒ අනුව ලිට්‍රෝ ගෑස් සමාගම නව සිලින්ඩර තොග වෙළදපොලට මුදාහැර ඇත්තේ සුදු පැහැති පසුබිමක රතු වර්ණයෙන් යුත් එම සමාගමේ ලාංඡනය සහිත පොලිතීන් මුද්‍රාවකින් යුක්තවයි.

ලාෆ් සමාගමද සිය ගෑස් සිලින්ඩර්වල කහ පැහැති පසුබිමක නිල් වර්ණයෙන් යුත් සිය සමාගමේ ලාංඡනය සහිත පොලිතීන් මුද්‍රාවක් එක් කර තිබෙනවා.

මේ අතර ගෑස් සම්බන්ධ පිපිරීම් සහ අනතුරු සිද්ධි කිහිපයක්ම දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් අදත් වාර්තා වුණා. ඒ, ගාල්ල තල්ගම්පළ, පන්නල හෙට්ටිරිප්පුව සහ මාතලේ යටවත්ත යන ප්‍රදේශවලින්. මීට අමතරව බද්දේගම සහ අම්පේගම ප්‍රදේශයේ ස්ථාන දෙකකින්ද ගෑස් ආශ්‍රිත පිපිරීම් දෙකක් අද සිදුව තිබුණා.

එමෙන්ම කොස්ගම, කැස්බෑව, මීගොඩ, කොල්ලුපිටිය, කඩුවෙල, බලගොල්ල, රාගල සහ ගල්කිරියාගම යන ප්‍රදේශවලින්ද ගෑස් සම්බන්ධ අනතුරු සිදුව ඇති බවයි වාර්තා පළ වුණේ.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page