top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

බිම්ස්ටෙක් සංවිධානයේ මහලේකම් ජනපති හමු වෙයි

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Jul 26, 2023
  • 1 min read

ree

බිම්ස්ටෙක් සංවිධානයේ මහලේකම් ටෙන්සින් ලෙක්ෆෙල් මහතා (25) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය.


බිම්ස්ටෙක් සංවිධානය යනු බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මියන්මාරය, නේපාලය, ශ්‍රී ලංකාව සහ තායිලන්තය යන දකුණු හා අග්නිදිග ආසියානු රටවල් 7 කින් සමන්විත කලාපීය හවුලකි. මෙහි ප‍්‍රධාන අරමුණ වන්නේ, බෙංගාල බොක්ක ආශි‍්‍රත දකුණු ආසියානු සහ අග්නිදිග ආසියානු රටවල තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව ඇති කිරීමයි.

සාමාජික රටවල් අතර අඛණ්ඩ සහයෝගීතාවයේ වැදගත්කම මෙන්ම කලාපයේ මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රය තවදුරටත් සංවර්ධනය කිරීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කෙරිණි. නිදහස් සෞඛ්‍ය සේවාව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ කැපවීම අගය කළ මහලේකම්වරයා ශ්‍රී ලංකාව බිම්ස්ටෙක් කලාපය තුළ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පෙරමුණ ගත යුතු බව ද පැවසීය.

බිම්ස්ටෙක් සංවිධානයේ සාර්ථකත්වය සහතික කිරීම සඳහා බිම්ස්ටෙක් රටවල අමාත්‍ය මට්ටමේ රැස්වීම් නිතිපතා පැවැත්වීමේ අවශ්‍යතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පෙන්වා දුන්නේය. ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ දිනූක් කොළඹගේ මහතා ද මෙම හමුවට සහභාගි විය.



Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page