බෝට්ටුවකින් විදෙස් රටකට යාමට තැත් කළ පිරිසක් වෙන්නප්පුවේදී අත්අඩංගුවට
- helloplanetaviss
- Jul 27, 2022
- 1 min read

මුහුදු මාර්ගය ඔස්සේ නීතිවරෝධී ලෙස විදෙස් රටකට යාම සදහා පැමිණ සිටි බව කියන පුද්ගලයින් 07 දෙනෙකු සහ එම පිරිස කැදවාගෙන පැමිණි බව කියන පුද්ගලයින් දෙදෙනෙකු වෙන්නප්පුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද අළුයම වෙන්නප්පුව - නයිනමඩම, හණ තොටුපල හන්දියේදී එම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මඩකලපුව, ත්‍රීකුණාමලය, ජා ඇල සහ මිනුවන්ගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක්. එම පිරිස අතර අවුරුදු 02 සහ 10 යන වයස්සීමාවල පසුවන ගැහැණු දරුවන් දෙදෙනෙකු ද වන බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
මෙම පිරිස මුහුදු මාර්ගය ඔස්සේ නීතිවිරෝධී ලෙස බෝට්ටුවකින් විදෙස් රටකට පලා යාමට සුදානමින් සිට ඇති බවට තොරතුරු ලැබී ඇති බව ද පොලීසිය සඳහන් කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් වෙන්නප්පුව පොලීසිය මගින් වැඩිදුර විමර්ශණ ක්‍රියාත්මකයි.
Comments