top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

බීජ නිෂ්පාදනය, ආනයනය බෙදාහැරීම හා මිල නියාමනය කුණ්ඩසාලේ බීජ නිෂ්පාදන ගොවිපලට පැවැරෙයි....

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Jan 11, 2022
  • 1 min read

ree

මෙරට බීජ නිෂ්පාදනය, ආනයනය බෙදාහැරීම හා මිල නියාමනය කුණ්ඩසාලේ බීජ නිෂ්පාදන ගොවිපලට පැවැරෙයි.

මෙරටට අවශ්‍ය බීජ අවශ්‍යතාව හා මෙරටේ බීජ නිෂ්පාදනය පිළිබඳ නිවැරදි තොරතුරු කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතුව නැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කුණ්ඩසාලේ බීජ නිෂ්පාදන ගොවිපලේ කළ සංචාරයක දී අනාවරණය විය. මෙරටේ වගා කරන බෝග අනුව වාර්ෂිකව අවශ්‍ය බීජ ප්‍රමාණය, ඒ අවශ්‍යතාව සඳහා මෙරටේ නිෂ්පාදනය කරන බීජ ප්‍රමාණය හා වාර්ෂිකව ආනයනය කරන බීජ ප්‍රමාණය හා වර්ගය පිළිබඳ නිවැරදි තොරතුරු ලබාගෙන සම්පූර්ණ වාර්තාවක් තමන්ට ඉදිරිපත් කරන ලෙස අමාත්‍යවරයා මෙහිදී නිලධාරින්ට උපදෙස් දුන්නේය. මෙරට තුළ කවුරුන් බීජ නිෂ්පාදනය කළත් කවුරුන් බීජ ආනයනය කළත් ඒ සියලු තොරතුරු කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතුව තිබිය යුතු බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. ගමේ ගොවියාගේ සිට මහා පරිමාණයෙන් ගොවිතැන් කරන ගොවි සමාගම් මෙරට තුළ වගා කරන බෝගය, ඒවායේ ප්‍රමාණයන්, එයින් දේශීය පරිභෝජනයට ලබා ගන්නා ප්‍රමාණය අපනයනය කරන ප්‍රමාණය ආදී සියලු තොරතුරු කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතුව තිබිය යුතු බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකාවේ බීජ නිෂ්පාදනය, ආනයනය, බීජ බෙදාහැරිම හා බීජ මිල නියාමනය කිරීම ආදී සියලු කටයුතු කුණ්ඩසාලේ බීජ ගොවිපල මඟින් සිදු කිරිමේ වැඩපිළිවෙළක් සකස්කර ක්‍රියාත්මක කළයුතු බවද අමාත්‍යවරයා අවධාරණය කළේය. කුණ්ඩසාලේ බීජ ගොවිපල තුළ බෝග වර්ග 22ක බීජ නිෂ්පාදනය කරන බවද මෙහිදී අනාවරණය විය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් සියලුම ගොවිපලවල සෑම බිම් අඟලක්ම ආදර්ශමත් ලෙස වගාවට යොදා ගත යුතු බවද අමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය. කුණ්ඩසාලේ කෘෂිකර්ම විද්‍යාලයට ගිය අමාත්‍යවරයා එහි අධ්‍යාපනය ලබන සිසුන් සමඟ ද සාකච්ඡා කර ඔවුන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් ද අවධානය යොමු කළේය. මහනුවර දිගන පිහිටි හයිලන්ඩ් යෝගට් හා කල්කිරි නිෂ්පාදන කර්මාන්ත ශාලාව හා ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් මාබේරිය තැන්න ගොවිපල ද අමාත්‍යවරයාගේ නීරික්ෂණයට ලක්විය.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page