පළමුව සහ දෙවනුව සිදුකළ යුතු දේ ගැන ජනපති කියයි
- helloplanetaviss
- Jul 28, 2022
- 1 min read

පළමුව ඉන්ධන පෝලිම් අඩු කර දෙවනුව ඉන්ධන පෝලිම් නැති කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති උත්සවයකට එක් වෙමින්.
ඕනෑම පුද්ගලයෙකුට සාමකාමීව අරගල සිදු කිරීමට හැකි බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ.
මේ අතර හදිසි නීතිය පැනවීම සම්බන්ධයෙන් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් ද අදහස් පල කළා.
පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත, අරගලය සම්බන්ධයෙන් පල කළේ මෙවන් අදහසක්.
මේ අතර ඊයේ දහවල් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉඳිරිපිට පැවති විරෝධතාවයකින් අනතුරුව අත්අඩංගුවට ගැණුනු රුහුණු විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ කැඳවුම්කරු පුෂ්පික ද සිල්වා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමට නියමිතයි.
Comments