top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

පළමු කාර්තුවේ ආර්ථික වර්ධන වේගය සියයට 1.6 කින් පහළට

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Jun 29, 2022
  • 1 min read

ree

2021 වර්ෂයේ සියයට 4.3 ක් ලෙස පැවත ආර්ථික වර්ධන වේගය මෙම වසරේ පළමු කාර්තුවේ සියයට 1.6 ක පසුබෑමක් පෙන්නුම් කරන බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.

නිෂ්පාදන ප්‍රවේශය යටතේ පවත්නා මිල සහ ස්ථාවර මිල යටතේ දළ දේශීය නිෂ්පාදිතය, දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය සහ අනෙකුත් සාර්ව ආර්ථික දර්ශක ඇස්තමේන්තු කර එම නිවේදනය නිකුත් කළ බවයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පැවසුවේ.

ඉකුත් වසර දෙක පුරා පැවති කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ගත කළ දුෂ්කර කාල පරිච්ඡේදය හේතුවෙන් පසු බෑ ආර්ථිකය යථාතත්ත්වයට පත්කර ගැනීම සදහා මෙරට ආර්ථිකය ඉදිරියට යමින් තිබුණා. එහෙත් උද්ධමනය, රුපියල අවප්‍රමාණයවීම, ඩොලර් හිගය, විදෙස් ප්‍රේෂණ හා සංචාරක ආදායම් අවමවීම වැනි සාධකවල ප්‍රබල බලපෑම හේතුවෙන් මෙම වසරේ මුල් කාර්තුව තුළදී අපේක්‍ෂිත ඉහළ ආර්ථික වර්ධනයක් වාර්තා කිරීමට අපොහොසත් වී ඇති බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.

මෙම වසරේ පළමු කාර්තුවේ රසායනික පොහොරය හිගය කෘෂිකාර්මික කටයුතුවලටද ප්‍රමුඛ බලපෑමක් එල්ලවීම හේතුවෙන් මෙරට වී වගාවෙහි සැලකිය යුතු පසුබෑමක් වාර්තා වනවා. ඒ අනුව 2015 සිට මේ දක්වා පළමු කාර්තුව සදහා කෘෂිකාර්මික ආර්ථික කටයුතුවලට වාර්තා වූ ඉහළම පසුබැස්ම මෙම කාර්තුවේ වාර්තා වූ බවයි ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව පැවසුවේ.

ඉන්ධන ආනයනයට මතු වූ විවිධ බාධා හේතුවෙන් ක්‍ෂේත්‍ර රැසකට බලපෑම් එල්ල වුණා. ඒ අතර බොහෝ නිෂ්පාදන, ඉදිකිරීම් හා සේවා කර්මාන්තවල නිෂ්පාදන කටයුතු අඩාල වූ අතර සමස්තයක් ලෙෂ කාර්මික අංශය ඍණ ආර්ථික වර්ධනයක් වාර්තා කර ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page