top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

"පහළොවට පෙර පොහොර ආවොත් හොඳයි - නැත්නම් අමාරුයි"

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Jun 2, 2022
  • 1 min read

ree


ලබන 15 වනදා වන විට මෙරටට යල කන්නයට අවශ්‍ය පොහොර ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවත්, එසේ නොලැබුණහොත් ගැටලුවක් මතු වනු ඇති බවත් කෘෂිකර්ම අමාත්‍යං්‍යංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර පවසනවා. ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින් ඔහු කියා සිටියේ සාමාන්‍යයෙන් යල කන්නයේ අස්වැද්දීම් ලබන 05 වනදායින් අවසන් කළ යුතු බවයි.


ලබන 15 වනදාට පෙර පොහොර නොලැබුණහොත් සිදුවන්නේ කුමක්ද ?


දැනටමත් වගාවට නිසි කලට අවශ්‍ය පොහොර ලබාදීමේ කාල පරාසය ඉකුත්වී ඇති බවට ද කෘෂිකර්ම අමාත්‍යං්‍යංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර මෙහිදී පැවසුවා.


මේ අතර යල කන්නය සඳහා අවශ්‍ය පොහොර කඩිනමින් ලබාදීමට ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එකඟතාව පළ කර තිබෙනවා. ඒ අනුව අදාළ පොහොර තොගය මෙරටට ලැබී දින 20 ක් ඇතුලත බෙදාහැරීමටයි සැලසුම් කර ඇත්තේ.


මෙහිදී අනාවරණ වී ඇත්තේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා මහවැලි අධිකාරිය යටතේ ජලය සැපයෙන ඉඩම්වලින් මේ වන විට කන්නය වෙනුවෙන් වපුරා ඇත්තේ සියයට 50 ක් පමණක් බවයි.

මහවැලි ගෙවතු දෙලක්ෂ 25,000 ක අතිරේක භෝග වගා සඳහා සැලසුම් කර ඇති බවයි වාරිමාර්ග අමාත්‍යංශය පවසන්නේ. මෙතෙක් වී වගාකර නොමැති ඉඩම් වෙනත් භෝග වගා සඳහා යොමුකර ඇති බව ද කෘෂි බලධාරීන් පවසනවා.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page