පස්වනදා සිට අඛණ්ඩව විදුලිය ලබාදෙන බව ඇමති ලොකුගේ කියයි
- helloplanetaviss
- Mar 1, 2022
- 1 min read

ලබන 05 වනදා සිට කප්පාදුවකින් තොරව විදුලිය ලබාදීමට කටයුතු කරන බව අමාත්‍ය ගාමිණී ලොකුගේ පවසනවා. නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ අඛණ්ඩව විදුලිය ලබාදීමට පියවර ගන්නා ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද උපදෙස් ලබාදුන් බවයි. ඒ අනුව දැනට අක්‍රියවී ඇති තාප විදුලි බලාගාර යළි පණගැන්වීම සඳහා අතිරේක ඉන්ධන තොගයක් ලබා ගැනීමට කටයුතු කරන බවයි අමාත්‍ය ගාමිණී ලොකුගේ සඳහන් කළේ.
අද දිනයේ ද රට පුරා පැය තුනක විදුලි කප්පාදුවක් සිදුකෙරෙනවා. ඒ, පෙරවරු 8.30 සිට පස්වරු 5.30 දක්වායි. කෙසේවෙතත් රාත්‍රී කාලයේ අතිරික්ක ඉල්ලුමක් ඇතිවුවහොත් පස්වරු 6.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුළ විනාඩි 30 ක පමණ කාලයක් විදුලිය විසන්ධි කිරීමට සිදුවනු ඇති බවයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක ඊයේ සඳහන් කළේ. එම කාලය තුළ අතිරික්ක ඉල්ලුමක් ඇති නොවන පරිදි විදුලිය අරපිරිමැස්මෙන් පරිභෝජනය කරන ලෙස මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියා.
Comments