top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ පළමු මාස 06 තුළ රාජ්‍ය ආදායමේ වර්ධනයක්

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Aug 10, 2023
  • 1 min read

ree


පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ පළමු මාස 06 තුළ රාජ්‍ය ආදායම 38%කින් වර්ධනය වී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා අද (09) පාර්ලිමේන්තුවේ දී පැවසීය.


ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය ආරම්භකරමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

තවදුරටත් පුරවැසියන්ට බදු බර වැඩිකරනවා වෙනුවට තියෙන බදු යාවත්කාළීන කරගැනීමේ අවශ්‍යතායක් තිබෙනවා. එබැවින් කැසිනෝ වැනි දිරිමත් කළ යුතු නැති ක්ෂේත්‍ර කෙරෙහි උපරිම බදු බරක් දමමින්, මොවුන්ට ලැබෙන පිරිවැටුපෙන් 60%ත් 65%ත් ප්‍රමාණයක් රජයට අය කර ගැනීම අපේ අරමුණයි.එවැනි ස්ථාවරයක ඉඳගෙන තමයි මේ රටේ රාජ්‍ය ආදායම කළමනාකරණය කරන්නේ.

වැඩිදුරටත් අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන සූදු සහ ඔට්ටු පනත මගින් ඔට්ටු සහ සූදු සම්බන්ධ නීති සංශෝධනය කිරීමට, දඩ පැනවීම සහ ඒවා නියාමයනය කිරීමට බලාපෙරොත්තු වන බවයි.

ඒ අනුව රට තුළ කරෙන සියළුම ඔට්ටු සහ සූදු නියාමනය කිරීමට, දඬ සහ දණ්ඩන හඳුනාගැනීමට අවශ්‍ය නීති ගෙන ඒමට බලාපොරොත්තු වෙන බව හෙතෙම කීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ,

කැසිනෝ සඳහා ලියාපදිංචි වීමට2003 ජනවාරි මාස සිට මැයි දක්වා මාස 5ක කාලයක් ලබා දුන් බවත් එම නීතිය සංශෝධනය කිරීමට කටයුතු කරන බවයි. එමගින් සිදු වන්නේ යම් පිරිසකට පමණක් මෙහි අධිකාරය හිමි වන බවයි.

එම නීතිය ඉදිරියේදි සංශොධනය කරනු ලැබේ. යම් පුද්ගලයෙකුට සංචාරක ව්‍යාපාරය සඳහා හෝ වෙනත් හේතු සඳහා පෙර පැවති ඒකාධිකාරය මේ වන විට ඉවත් කරන බවද හෙතෙම කීය. තවද මෙම කැසිනෝ වැනි ක්‍රීඩා සඳහා ශ්‍රී ලාංකිකයින් සහභාගී වීම අවම කිරීම සඳහා අය කරන ගාස්තුද වැඩි කර තිබේ. සූදු සඳහා අය කරන ගාස්තු වැඩි කිරීමෙන් ශ්‍රී ලාංකියින් මෙම ක්‍රීඩා සඳහා සහභාගී වී අවම වනු ඇතැයිද හෙතෙම කීය.

 
 
 

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page