top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

⦿ පසු කොවිඩ් තත්ත්වය යනු කුමක් ද?⦿ තරුණයින්ටත් බලපායිද ?⦿ එන්නත කෙසේ උපකාර වේද? ⦿ වළකා ගන්නේ කෙසේ...

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Sep 22, 2021
  • 3 min read

ree

⦿ පසු කොවිඩ් තත්ත්වය යනු කුමක් ද? ⦿ තරුණයින්ටත් බලපායිද ? ⦿ එන්නත කෙසේ උපකාර වේද? ⦿ වළකා ගන්නේ කෙසේද?

කොවිඩ් - 19 රෝගය වැළඳෙන සමහරක් දෙනා දින කිහිපයකින් ද, බොහෝ දෙනෙක් සති කිහිපයක් ඇතුළත ද නැවතත් සාමාන්‍ය තත්ත්වයට පත් වෙනවා. එසේ වුවත් සමහර ආසාදිතයින්ට යළි සම්පූර්ණයෙන් සාමාන්‍ය තත්ත්වයට පත් වීමට මාසයකටත් වඩා ගතවන අවස්ථා දක්නට ලැබෙනවා.

මෙම තත්ත්වය, පසු කොවිඩ් සංකූලතා තත්ත්වයන් (Post COVID Conditions) ලෙසින් හැඳින්වෙනවා. මෙහි වැදගත්ම කාරණය වන්නේ කෝවිඩ් ආසාදනයෙන් දරුණු ලෙස රෝගී තත්ත්වයට පත්වූ පුද්ගලයන් වගේම ඉතා සුළු රෝග ලක්ෂණ දැක්වූ හා කිසිදු රෝග ලක්ෂණයක් නොදැක් වූ පුද්ගලයන්ට පවා මෙම තත්ත්වය ඇතිවීමේ ඉඩකඩක් තිබීමයි.

ඉහත කී පසු-කොවිඩ් තත්ත්වයේදී බහුලව දක්නට ලැබෙන රෝග ලක්ෂණ පහත පරිදි වෙනවා. ⦿ හුස්ම ගැනීමේ අපහසුතාව ⦿ තෙහෙට්ටුව ⦿ අවධානය පවත්වාගෙන යාමේ අපහසුතා

මේ අතර සුලබවම දකින්නට ලැබෙන අතර එයට අමතරව, ⦿ ශාරීරික හෝ මානසික වෙහෙසීමකින් පසු අපහසුතාවය වැඩිවීම ⦿ කැස්ස ⦿ විටින් විට වේගවත් වන හෘද ස්පන්දනය ⦿ පපුවේ හෝ උදරයේ වේදනාවන් ⦿ හිස කැරකැවිල්ල ⦿ මාංශ පේශි හා හන්දිපත් වේදනාව ⦿ නින්ද යෑමේ අපහසුතා ⦿ ගඳ සුවඳ දැනීමේ වෙනස්කම් යනාදී විවිධ රෝග ලක්ෂණ ගණනාවක් මේ වනවිට පසු-කොවිඩ් තත්වයට අදාළව වාර්තා වී තිබෙනවා.

කොවිඩ් ආසාදනය සුව වූ පසුවත්, නොයෙක් ශාරීරික සහ මානසික අපහසුතාවන් පැවතීම රෝගය වැළඳුනු පුද්ගලයින් අතරේ දැකිය හැකි තත්ත්වයක්. බොහෝ විට මෙම රෝග ලක්ෂණ කාලයත් සමග ක්‍රමයෙන් අඩු වි යනවා. මෙහිදී ඉතාමත් ම වැදගත් වන්නේ හැකි උපරිමයෙන් විවේක ගැනීමයි. අනවශ්‍ය ලෙස ශරීරය හා මනස වෙහෙස කිරීම රෝග ලක්ෂණ වැඩි වීමට හේතුවක් වෙන්න පුළුවන්. අපහසුවක් නැතිව කළ හැකි පමණින් එදිනෙදා වැඩ කටයුතු වලට ක්‍රම ක්‍රමයෙන් පිවිසීම කළ යුතුයි.සාමාන්‍යයෙන් බර වැඩ වල නිරතවුන කෙනක් පවා, එක්වරම එයට යොමු නොවී පියවරෙන් පියවර තම ක්‍රියාකාරකම් වල තීව්‍රතාවය වැඩි කරමින් , තමන්ට දරාගතහැකි මට්ටමෙන් පමණක් වෙහෙස වීමට ප්‍රවේශම් විය යුතුයි. මෙම කාලය හැකි පමණ විවේකයෙන් සිත සැහැල්ලුවෙන් ගත කිරීම ඉක්මනින් ශරීර සෞඛ්‍යය යථා තත්ත්වයට පත් වීමට උපකාරී වනවා ඇති.

කෙසේ වුවත් මෙම රෝග ලක්ෂණ කොවිඩ්-19 තත්වයට අදාල නොවන වෙනත් රෝග නිසාද ඇති වෙන්න පුළුවන්. එවැනි තත්වයක් පවතීදැයි ඔබට තනිවම හඳුනාගැනීම අපහසු වෙන්නත් පුලුවන්. කොවිඩ් සුව වීමෙන් පසුව , ඉහත කී රෝග ලක්ෂණ හෝ වෙනත් අපහසුතා තිබේ නම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වඩාත් සුදුසුයි. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ 1999 දුරකථන අංකය මේ වෙනුවෙනුත් පැය 24 පුරාවට විවෘතව පවතිනවා.

ඕනෑම රෝගයක සංකූලතා වළක්වාගැනීමේ වදගත්ම ක්‍රමය වන්නේ, එම රෝගයෙන් හැකි උපරිමයෙන් ආරක්ෂා වීමට කටයුතු කිරීමයි. නව කොරෝනා වෛරස ආසාදනයටත් එය එයාකාරයෙන් ම වලංගු යි. ආසාදන අවදානම අවම කරගන්නට නම්, බෝ වීමේ ඉහළ හැකියාවක් ලබාගෙන සිටින විකෘති වෛරස ප්‍රබේධයක් පැතිරයන අවස්ථාවක, අපි හොඳින්ම දන්නා ආරක්ෂිත හැසිරීම්, වෙනදාටත් වඩා සැළකිල්ලෙන් පවත්වාගත යුතුව තිබෙනවා.

වයෝවෘද්ධ පුද්ගලයන්ට මෙන් ම කොවිඩ් ආසාදනයෙන් දරුණු රෝග ලක්ෂණ නොපෙන්වූ තරුණයින් අතරේ ද මෙම පසු-සංකූලතා දක්නට ලැබෙන බවට සාක්ෂි තිබෙනවා. එන්නත ලබා ගැනීම මගින් මෙම පසු කෝවිඩ් සංකූලතා ඇතිවීමේ අවදානම බොහෝ දුරට අඩුවන බවත් මේ වනවිට සොයාගෙන තිබෙනවා.

කොවිඩ් ආසාදනය නිසා දිවි අහිමි වූ ශ්‍රී ලාංකිකයින් අතරින් වයස 30 ට අඩු අය සිටින්නේ සියයකට ආසන්න සංඛ්‍යාවක්. එය ප්‍රතිශතයක් ලෙස ට කුඩා වූවත් රෝගය දරුණු වීමේ සම්භාවිතාවක් එම වයස් කාණ්ඩයටත් ඇති නිසාත්, ආසාදනය සුව වූ පසු මෙවැනි පසු සංකූලතා ඇති විය හැකි නිසාත්, එවැනි අපහසුතා හැකිතාක් අවම කර ගැනීමට තරුණ ප්‍රජාව පවා එන්නත ලබා ගැනීම ඉතාමත්ම වැදගත් වනවා.

ශ්‍රී ලංකාවේ මේ වන විට වයස අවුරුදු 20ට වැඩි ජනගහනය අතුරින්, එකදු එන්නතක් හෝ ලබා නොගත් පිරිස සිටින්නේ 7% කට වඩා අඩු ප්‍රතිශතයක්. කෙරීගෙන යන ශීඝ්‍ර එන්නත් කරන ක්‍රියාවලියට හැකි උපරිමයෙන් සහයෝගය දීමෙන් හා රෝග ව්‍යාප්තිය අවම කිරිමේ පිලිවෙත් නිවැරදිව ක්‍රියාවට නැංවීම තුළින් covid ආසාදනයේ විවිධ වූ සංකූලතා සමාජය තුළ දක්නට ලැබීම අවම කර ගැනීමට අපට හැකි වනවා ඇති.


ree

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page