පවුල් 273 ක් වෙත ඉඩම් බලපත්‍ර හා දීමනා පත්‍ර පිරිනැමේ....
- helloplanetaviss
- Feb 18, 2022
- 1 min read

උමා ඔය ව්‍යාපෘතියේ වැඩ නිමව තිබුණේ නම් විදුලි කැපීමක් සිදුනොවන බව වාරිමාර්ග අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ, ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසයි.
හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දීර්ඝ කාලයක සිට නොවිසඳී තිබූ ඉඩම් බලපත්‍ර හා දීමනා පත්‍ර ලබාදීමේ උත්සවයට පසුගියදා (15) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණ ශ්‍රවනාගාරයේ දී ඉඩම් බලපත්‍ර හා දීමනා පත්‍ර ලබාදීමේ උත්සවය පැවැත්විණි. දකුණු පළාත් ඉඩම් දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදුකළ නිරීක්ෂණයෙන් අනතුරුව පවුල් 273 ක් සඳහා මෙලෙස ඉඩම් ලපත්‍ර ලබා දෙන ලදී. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්මේ සඳහන් පරිදි සෑම පුරවැසියෙකුටම නිරවුල් ඉඩමක් ලබාදීම රජයේ අරමුණයි. ඒ අනුව හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවතින ඉඩම් ගැටලු සඳහා කඩිනමින් විසඳුම් ලබා ලෙස දකුණු පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට මෙහිදී අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා උපදෙස් දෙන ලදී. මෙම උත්සවය සඳහා හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් රාජපක්ෂ,වෛද්‍ය උපුල් ගලප්පත්ති,හම්බන්තොට නියෝජ්‍ය නගරාධිපති ගාමිණි ශ්‍රී ආනන්ද ,යන මහත්වරු ඇතුළු ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයින්ද,හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් එච්.පී.සුමණසේකර, අතිරේක දිස්ත්‍රික් ලේකම් ජේ.එච්.එස්.ජයමහ, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) කේ.පී.ජී.සුමිත් ශාන්ත, හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කෞශල්‍යා ගලප්පත්ති,දකුණු පළාත් ඉඩම් කොමසාරිස් කේ.ජී.යූ.චන්ද්‍රලාල් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්විය.
Comments