top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

පලස්තීනයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරයා පලස්තීන රාජ්‍යයේ සෞඛ්‍ය ඇමති හමුවෙයි...

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Feb 2, 2022
  • 1 min read

ree

පලස්තීන රාජ්‍යයේ ශ්‍රී ලංකා නියෝජිතවරයා වන නාවලගේ බෙනට් කුරේ මහතා, රමල්ලා හි දී පලස්තීන රාජ්‍යයේ සෞඛ්‍ය අමාත්‍යවරිය හමු වූ අතර දෙරටෙහි වත්මන් කොවිඩ් 19 වසංගත තත්ත්වය පිළිබඳ සාකච්ඡා පැවැත්වීය.

පලස්තීනයේ එන්නත්කරණ වැඩසටහන පිළිබඳව පැහැදිලි කළ ආචාර්ය මායි අල්-කයිලාහ් මහත්මිය එන්නත් මාත්‍රා දෙක මෙන් ම බූස්ටර් මාත්‍රාව ලබාගත් පලස්තීන ජනතාවගේ දත්ත සහ සංඛ්‍යාලේඛන පෙන්වා දුන්නාය. මෙහි දී ශ්‍රී ලංකා නියෝජිත නාවලගේ බෙනට් කුරේ මහතා, දෙරට අතර පවතින දිගුකාලීන සබඳතාවන් පිළිබඳව මෙන් ම එතෙක් පැවති අන්තර්ජාතික සමුළුවලදී ශ්‍රී ලංකාව පලස්තීන රාජ්‍යය වෙත ලබාදුන් සහයෝගය පිළිබඳව සඳහන් කළේය. ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 85%කට අධික පිරිිසකට එන්නත් දෙක ම ලබා දී ඇති බව නාවලගේ බෙනට් කුරේ මහතා වැඩිදුරටත් පැවසීය. සියලුම පලස්තීන වැසියන්ට විශේෂයෙන් වසංගතයෙන් සෘජුවම පීඩාවට පත් වූවන්ට නිරෝගී සහ සැපවත් ජීවිතයක් අත් කර දීමට පලස්තීන රජය උපරිම උත්සාහයෙන් කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යවරිය සඳහන් කළාය. තවද, ඖෂධ ආනයනය සහ අපනයනය තුළින් දෙරටටම ප්‍රයෝජනවත් විය හැකි ශක්තිමත් සම්බන්ධිතයක් දෙරටේම සෞඛ්‍ය අමාත්‍යාංශ අතර ඇති කිරීමට එතුමිය විසින් යෝජනා කරන ලදී. පලස්තීන අමාත්‍ය ආචාර්ය මායි අල්-කයිලාහ් මහත්මිය පලස්තීනයට සහ එහි ජනතාවට දීර්ඝකාලීනව ලබාදුන් සහයෝගය වෙනුවෙන් ශ්‍රී ලංකා රජය වෙත සිය ස්තුතිය පුද කරමින් මෙම හමුව අවසන් කළාය.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page