top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

පරිසර අමාත්‍යාංශයට පරිසර නිලධාරින් 136ක් අලුතින් බඳවා ගැනේ...

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Jan 12, 2022
  • 1 min read

ree

පරිසර අමාත්‍යාංශය විසින් පරිසර නිලධාරින් 136ක් අලුතින් සේවය සඳහා බඳවා ගනු ලැබීය. මේ අතරින් 21 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම (11 දින) මධ්‍යම පරිසර අධිකාරියේ දී සිදු කෙරිනි.

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සිරිපාල අමරසිංහ හා අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහත්වරු එම අවස්ථාවට සහභාගි වී සිටියහ. පරිසර අමාත්‍යාංශය විසින් බඳවා ගන්නා ලද මෙම පරිසර නිලධාරින් සියලු දෙනා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට අනුයුක්ත කෙරෙන අතර ඔවුන් මගින් පරිසර අමාත්‍යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය හා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මගින් සිදු කරන කාර්යයන් සඳහා සහයෝගය ලබා දිය යුතුයැයි මෙම අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේය. මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා- පරිසර අමාත්‍යංශය විසින් 2022 වසර තුළ වැඩ කටයුතු රැසක් සංවිධානය කර තිබෙනවා. විශේෂයෙන් සුරකිමු ගංගා වැඩ සටහන යටතේ දිවයින පුරා ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීමට පියවර ගත්තා. ඒ වගේම රජයේ සංවර්ධන ව්‍යාපෘතිවල දී පරිසරය ආරක්ෂා කර ගනිමින් එම කටයුතුවලට සහාය දීමට අපිට විශාල වගකීමක් තිබෙනවා. ඒ වගේම සමහර පුද්ගලයින් විසින් තම පුද්ගලික ලාබය උදෙසා පරිසරය විනාශ කිරීමට කටයුතු කරනවා. මෙම කටයුතු සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමේ දී අපිට යම් යම් ගැටළු තිබෙනවා. විශේෂයෙන් නිවැරදි තොරතුරු ලබා ගැනීම අපහසුතා පවතිනවා. යම් පාරිසරික හානියක් වාර්තා වුවහොත් අපිට ඒවා දැනගන්න ලැබෙන්නේ මාධ්‍ය මගිනුයි. මාධ්‍ය මගින් පළවන තොරතුරු සම්බන්ධව විමර්ශනය කරන්නට අවශ්‍ය තරම් නිලධාරි හෝ වාහන අප සතුව නැහැ. එමනිසා අද පත්වීම් ලබන ඔබ සියලු දෙනාට ඒ වගකීම පැවරෙනවා. එමනිසා තමන්ට පැවරී ඇති වගකීම නිසි ලෙස ඉටු කරමින් අනාගත පරපුර සඳහා අපේ රටේ පරිසරය ආරක්ෂා කර දීමේ වගකීම ඔබ සියලු දෙනා වෙත පවරනවා යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page