top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

පාස්පෝට් පෝලිමේ සිටි ගැබිණි මවක් දරුවෙකු බිහිකරයි

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Jul 7, 2022
  • 1 min read

ree

විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා කොළඹ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පෝලිමේ රැඳී සිටි ගර්භනී කාන්තාවකට හදිසියේ දරු ප්‍රසුතිය සඳහා ලකුණු පහළ වීමෙන් පසු යුද හමුදාව මැදිහත්වී වහාම ඇයව රෝහල් ගත කිරීමෙන් අනතුරුව ඇය සිගිති දියණියක් බිහිකිරීමේ පුවතක් වාර්තා වනවා.

හැටන් ප්‍රදේශයේ සිට කොළඹ බලා පැමිණ ඇති තරුණ යුවලක් දින දෙකක පමණ කාලයක් මෙලෙස විදෙස් ගමන් බලපත්‍රය ලබා ගැනීම සඳහා ආගමන විගමන පෝලිමේ රැඳී සිට ඇති බවයි වාර්තා වන්නේ.

මෙම කාන්තාව ගර්භනී තත්ත්වයේ පසුව සිට ඇති අතර අද පෙරවරු 7.40ට පමණ ඇය වැසිකිලි යාමට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වැසිකිලියට ගොස් සිටියදී හදිසි දරු ප්‍රසුති ලකුණු පහල වීමෙන් ඒ බව අසල සිටි කාන්තාවන්ට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව එම ස්ථානයේ රාජකාරියේ නිරතව සිටි යුද හමුදා නිලධාරීන් සහ කාන්තා නිලධාරිනියන් වහාම මැදිහත්වී එම ගර්භනී කාන්තාව බොරැල්ලේ කාසල් රෝහල වෙත හමුදා රථයකින් රැගෙන ගොස් භාරදී ඇති බවයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න සඳහන් කළේ.

රෝහල් ගත කරන අවස්ථාව වන විටත් එම කාන්තාව දරුවා බිහිකිරීම ආරම්භ කර තිබු බවත් පසුව රෝහලේදී ඇය සිගිති දියණියක් බිහිකර තිබෙනවා.

මේ වන විට එම මව සහ සිගිති දියණිය යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි වාර්තා වන්නේ.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page