පොලිසියේ මුඛ ආවරණ ගලවපු රැප් ගායක FillT අත්අඩංගුවට
- helloplanetaviss
- Feb 23, 2022
- 1 min read

පානදුර උතුර පොලිස් ස්ථානයේ නිලධාරීන් කිහිප දෙනෙකුගේ රාජකාරියට බාධා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කෙසෙල්වත්ත තක්‍ෂලා පාර ප්‍රදේශයේ පැවති රැස්වීමක ආරක්ෂක රාජකාරී සඳහා එම පොලිස් නිලධාරීන් පැමිණ සිටියා.
එම ස්ථානයට පැමිණි පුද්ගලයෙකු අදාල පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර පරුෂ වචනයෙන්ද බැන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
සැකකරු විසින් පොලිස් නිලධාරින් කිහිප දෙනෙකුගේ මුඛ ආවරණයද ගලවා ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි චනක චමත් පෙරේරා හෙවත් රැප් ගායක ෆිල්ටි ලෙස හදුන්වන තැනැත්තෙක්.
ඔහු අද දිනයේ පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලිසිය පැවසුවේ.
Comments