top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

පිරවුම්හල්වල අදත් පෝලිම් - අත්‍යාවශ්‍ය සේවාවලට පමණක් ඉන්ධන නිකුත් කිරීමට එරෙහිව ජනතා විරෝධය

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Jun 28, 2022
  • 2 min read

ree

අද දිනයේ සිට අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන නිකුත් කරන බවට රජය ප්‍රකාශ කළද පිරවුම්හල් ආශ්‍රිතව දිගු පෝලිම් දක්නට ලැබෙනවා. එහෙත් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ඊයේ රාත්‍රියේ හදිසි මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ප්‍රකාශ කලේ පවතින සීමිත ඉන්ධන තොග අද සිට අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා නිකුත් කරන බවයි.

එහෙත් මහනුවර ප්‍රදේශයේ අද දිනයේ අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා ඉන්ධන නිකුත් කිරීමේදී උණුසුම්කාරී තත්ත්වයක් හට ගත්තා. එය පාලනය කිරීමට එහි සිටි ආරක්ෂක නිලධාරීට සිදු වූයේ රජයේ වාහනයකට ඉන්ධන ලබාදීමෙන් අනතුරුව පෞද්ගලික වාහන 10කට ලෙස ඉන්ධන ලබාදීමට බවයි නෙත් නිවුස් මහනුවර වාර්තාකරු කමල් සුරවීර පැවසුවේ. දඹුල්ල නගරයේද ඉන්ධන පිරවුම්හලක් ආශ්‍රිතව අද උණුසුම් තත්ත්වයක් හට ගැනුනා. විදේශිකයන් රැගත් වාහන කිහිපයකට එම පිරවුම්හලෙන් ඉන්ධන ලබා ගැනීමට සූදානම් වූ අවස්ථාවේ පෝලිම්වල රැදී සිටි ජනතාව ඊට විරෝධය පල කළා.

කෙසේ වෙතත් පැයකට අධික කාලයකට පසු පොලීසිය මැදිහත් වීමෙන් විදේශිකයන් රැගත් එම වාහනවලට ඉන්ධන ලබාදීමට කටයුතු කළ බවයි නෙත් නිවුස් වාර්තාකරු කංචන කුමාර පැවසුවේ.

අත්‍යාවශ්‍ය සේවා සදහා පමනක් ඉන්ධන නිකුත් කරන බවට රජය ප්‍රකාශ කළද උතුරු පලාතේ පිරවුම්හල්වල ඉන්ධන නොමැති බවයි නෙත් නිවුස් වාර්තාකරු මාධව කුලසූරිය පැවසුවේ. ෂධක්‍ ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව දිගු පෝලිම් දක්නට ලැබෙන බවද ඔහු සදහන් කළා. ඉන්ධන නොමැති වීම හේතුවෙන් උතුරු පලාතේ බොහෝ රාජ්‍ය සේවකයින් පා පැදිවලින් අද දිනයේ රාජකාරි සඳහා වාර්තා කල බවද මාධව කුලසූරිය වැඩිදුරටත් සදහන් කළා.

එහෙත් ගාල්ල සහ ඒ අවට ප්‍රදේශවල නිරීක්ෂණ චරිකාවක නිරත වූ නෙත් නිවුස් වාර්තාකරු රවීන්ද්‍ර චන්ද්‍රලාල් පැවසුවේ පිටස්තර පුද්ගලයින්ද ඉන්ධන ලබා ගැනීම සදහා පෝලිම්වල රැදී සිටින බවයි. කෙසේ වෙතත් ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ පෝලිම්වල රැදී සිටින පිරිසගේ යම් අඩුවක් දක්නට ලැබුණු බවයි. මාතර සහ ඒ අවට ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතවද දිගු පෝලිම් අද දිනයේද දක්නට ලැබෙන බවයි නෙත් නිවුස් වාර්තාකරු ටී කේ මහින්ද සදහන් කළේ.

මේ අතර වැල්ලවාය නගරයේ IOC ඉන්ධන පිරවුම්හලට අද අලුයම පෙට්‍රල් රැගත් බවුසරයක් පැමිණ තිබෙනවා. ඒ දින ගණනාවක සිට ජනතාව පෝලිමේ රැදී සිටි පසු බිමක් තුලයි. පෝලිම්වල සිටි ජනතාවට ඉන්ධන නිකුත් කරමින් සිටියෙදී එය නවතා පෝලිමේ සිටි පිරිසට ටෝකන් පත්‍රයක් ලබාදීමට එහි සිටි යුද හමුදා නිලධාරීන් කටයුතු කිරීමත් සමඟ උණුසුම් තත්ත්වයක් හටගත් බවයි නෙත් නිවුස් වාර්තාකරු ජයන්ත වීරසේකර පැවසුවේ. කෙසේ වෙතත් ජනතාවගේ විරෝධය හමුවේ ටෝකන් නොමැතිව යලි ඉන්ධන ලබාදීමට කටයුතු කර තිබෙනවා

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page