top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

ප්‍රතිශතයක් වශයෙන් 75%ක ප්‍රමාණයකට උසස් පෙළ විභාගයට පෙනී සිටීමේ වරම්....

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Sep 24, 2021
  • 2 min read

ree

පාසල් විවෘත කළ සැණින් ප්‍රායෝගික පරීක්ෂණ ආරම්භ කිරීමට සැළසුම් 2021 වසර සඳහා අපොස උසස් පෙළ විභාගය හැදෑරීම සම්බන්ධයෙන් ඉදිරියේදී විශේෂ චක්‍රලේඛයක්

මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි දරුවන්ගෙන් ප්‍රායෝගික පරීක්ෂණ සඳහා ලබා ගත් ලකුණු මට්ටම හැර, ප්‍රතිශතයක් වශයෙන් ගත් කළ 75%ක ප්‍රමාණයකට උසස් පෙළ විභාගයට පෙනී සිටීමේ වරම් හිමිව ඇති බවත් මෙම තත්වය සතුටුදායක බවත් විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත් මහතා ප්‍රකාශ කළේය. තවද 2020 අධ්‍යන පොදු සහතික පත් සාමන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සටහන් සහතිකපත්, එළඹෙන සදුදා සිට අන්තර්ජාලය ඔස්සේ භාගත කළ හැකි බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත් මහතා පැවසීය. ඊයේ රාත්‍රී මෙම ප්‍රතිඵල අන්තර්ජාලයට මුදා හැරි අතර , ඒහිදී යම් දරුවකුට තමාගේ විභාග අංකය අමතක වී හෝ නැතිවී ඇත්නම් ජාතික හැඳුනුම්පත් අංකය ඔස්සේ සාමාන්‍යපෙළ ප්‍රතිඵල ලේඛනය භා ගත කරගත හැකි බවද ඒසේත් නොමැති නම්1911 කෙටි දුරකථන අංකය ඔස්සේ විභාග දෙපාර්තමේන්තුවට ඇමතීමෙන් හෝ මෙම ප්‍රතිඵල ලබා හැකි බව සඳහන් කළේය. අද(24) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. විභාග දෙපාර්තමේන්තුවේ ඩිජිටල්කරණ වැඩසටහන යටතේ පසුගිය වසරේ හඳුන්වා දුන් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ලබා ගන්නා ප්‍රතිඵල ලේඛනය පාසලකට ඇතුල් වීම සඳහා වලංගු සහතිකයක් බවත් වෙනත් පාසලකට යාමට , විදේශ රටකට යාම හෝ වෙනත් අවශය ඔිනෑම සම්මුඛපර්යේෂණයක් සඳහා මෙම ලේඛනය වලංගු බවද ඒ් මහතා සඳහන් කළේය. ප්‍රායෝගික පරීක්ෂණ හැර අනෙකුත් ප්‍රතිඵල ඊයේ දිනයේ නිකුත් කිරීමේ හැකියාව ලැබුණු බවත් පාසල් විවෘත කළ සැණින් ප්‍රායෝගික පරීක්ෂණ ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවද විභාග කොමසාරිස්වරයා සඳහන් කළේය.තවද 2021 වසර සඳහා අපොස උසස් පෙළ විභාගය හැදෑරීම සම්බන්ධයෙන් ඉදිරියේදී විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරන බව කී කොමසාරිස්වරයා සෑම පාසල් අයදුම්කරුවකුටම පාසල් පාදක ඇගයීම් යටතේ ලබා ගත් නිපුණතා මට්ටම යටතේ උසස් පෙළ විභාගය හැදෑරිමට අවස්ථාව ලබා දී තිබේ. මෙහිදී දරුවන් පාසල් පාදක ඇගයීම් සඳහා ලබා ගෙන ඇති නිපුණතාව සසඳා බැලූ බවද පෙන්වා දුන් ඒ් මහතා දරුවන් 170,000 කින් නිපුණතා මට්ටමට ලගා නොවූ දරුවන් සිටින්නේ 700ක් පමණක් බව කීය.සෞන්දර්ය විශයේ ප්‍රායෝගික පරීක්ෂණයේ ප්‍රතිඵල ලබා දීම සම්බන්ධයෙන්චක්‍රලේකයක් නිකුත් කර ඇති බවත් විෂයන් 06 සමත් වී සම්මාන 02ක් තිබේනම් ඒවැනි දරුවන්ට මෙම ප්‍රායෝගි පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබෙන තුරු උසස් පෙළ විෂයන් හැදෑරීමේ අවස්ථාව දරුවාට ලබා දෙන බවද කීය. මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ විභාගයෙන් අනතුරුව දිවයිනේ මධ්‍යස්ථාන 1500ක් පමණ පුරා පැවැත් වීමට තීරණය වී තිබුණද පැවති සංචරණ සීමා හේතුවෙන් පැවැත්වීමට නොහැකි විය. මෙවර විභාග ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද සිය පෞද්ගලික අවධානය යොමු කළ බව පැවසූ කොමසාරිස්වරයා සාමාන්‍ය පෙළ යනු තරඟ විභාගයක් නොව සාධන මට්ටමක් බව පෙන්වා දුන්නේය. කොවිඩ් මධ්‍යස්ථාන 36ක් රටතුළ ස්ථාපිත කර ඇති වටපිටාවක් යටතේ පසුගිය මාර්තු මාසයේ 2020 අපොස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට හැකි වූ බවත් මෙම කටයුත්ත සාර්ථක කර ගැනීම සඳහා තමා වෙත සහය ලබා දුන් ගුරු මණ්ඩලයට ස්තුතිය ප්‍රකාශ කිරීමටද විභාගකොමසාරිස්වරයා අමතක නොකළේය. තවද දේශපාලන ඇගිලි ගැසීමකින් තොරව මේ සඳහා ස්වාධින කටයුතු කිරීමට විභාග දෙපාර්තමේන්තුවට හැකි වූ බවද කීය.ඒ අනුව කිසිම දරුවකුට අසාධාරණයක් නොවන පරිදි මෙම කටයුතු කළ බවද කීය.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page