top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ 19 සහ 20 දෙදින කල් තැබීමේ විවාදයක්....

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Jan 12, 2022
  • 1 min read

ree

නව පාර්ලිමේන්තු සැසිය අරඹමින් ජනාධිපතිවරයා ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ, 2022.01.19 සහ 20 දෙදින පාර්ලිමේන්තුවේ කල් තැබීමේ විවාදයක්

9 වන පාර්ලිමේන්තුවේ 2 වන සැසිවාරය ආරම්භ වන 2022.01.18 අඟහරුවාදා ඉදිරිපත් කෙරෙන ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ, සභාව කල් තැබීමේ විවාදයක් 2022.01.19 බදාදා සහ 20 බ්‍රහස්පතින්දා යන දින දෙකේදී පැවැත්වීමට ඊයේ ( 11) පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව, සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. එම සභාව කල් තැබීමේ යෝජනාව ආණ්ඩු පක්ෂය විසින් ඉදිරිපත් කරනු ඇත. එමෙන්ම 2022.01.20 දින පනත් කෙටුම්පත් 4ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවද සභානායකවරයා පැවසීය. එනම්, 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනතට සිදු කරන සංශෝධනය, පුද්ගල නාශක බිම් බෝම්බ තහනම් කිරීමේ පනත් කෙටුම්පත, 1978 අංක 02 දරන අධිකරණ සංවිධාන පනතට සංශෝධන සහ සිවිල් නඩු විධාන සංග්‍රහය සඳහා සංශෝධන, ඒ අතර වන බවද ඔහු සඳහන් කළේය. අභවප්‍රාප්ත හිටපු අමාත්‍ය සමරවීර මහතා පිළිබඳ ශෝක යෝජනාව, 2022.01.21 වන සිකුරාදා ඉදිරිපත් කිරීමට නියමිතය

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page